56. හලිම සැකයි !

438 110 93
                                    

" මම ඔයාගේ පපාට බය නෑ බේබී" සොක්ජින් කිව්වේ සෝල් ලං වෙන්න ලං වෙන්න පැනික් වෙලා දගලන හෙසොකීගෙ දිහා දුශ්ඨ ඇස් වලින් බලන ගමන්.

එයාලා හිටියේ නැවත සෝල් බලා පියාසර කරන ගුවන් යානයක බිස්නස් ක්ලාස් එකෙ පහසුවට දිගැදිලා උනාට හේසොක් හරිම අපහසුවෙන් කාලය ගත කරන පාටක් තමයි පෙනුනේ

ඉතින් හේසොක් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට රැව්වා. මේ දේවල් කොච්චර ලොකු රිස්ක් එකක් ද කියනවනම් එයාගෙ පිස්සු පපා ඇත්තටම සොක්ජින් ගැන දැන ගත්තොත් පුදුම විනාසයක් වෙන බව අටුවා ටීකා අනවශ්‍යයි.

අනික අන්ඩවර්ල්ඩ් මගුලේ මැචර්ස්...

" හියොන්ග්.... මට සතියක් දෙන්න මේ හැමදෙම ක්ලියර් කරගන්නම්.... ටුනමන්ට් වලටත් ලගයි මට ප්‍රැක්ටිස් තියනවා.... පපාට තවම කෝච් නම්ජුන් මගෙ මැචර්ස් ගැන මුකුත් කියලා නෑ උනාට අන්තිමට මේ හැමදේම දැන ගත්තම එයා .... එයා යක්ශයෙක් වගෙ දගලන්න ගන්නවා .මගෙ ජීවිතේ ලොකු අවුලක තියෙන්නෙ හියොන්ග් ... ඒ මැද්දට ඔයා ගැනත් දැනගත්තොත්.... "  හෙසොක් පුළුවන් තරම් පැහැදිලි කරන්න උත්සාහ කරා.

එයාලා අතර තවම දේවල් හරියට විසදිලා නැති බව ඇත්ත. එයාලා එකිනෙකාට ආදරෙන් බැදිලා ඉන්නවා වගේම හරියටම ගත්තොත් එයාලා නසරි යන පොඩි ඩබලක් වගේ සමහර වෙලාවට හැසිරුනාට එයාලා මතක තියාගන්න ඕනෙ එයාලා දැන් වැඩිහිටියෝ කියලා. එයාලට පුළුවන් එයාලගෙ තීරණ ගන්න. ඒත් හේසොක්ට එහෙම කරන්න බෑ. දැන්ම....

" බේබී...."

" හියොන්ග් අයි ලව් යූ .... සෝ ප්ලීස්....  මම පොරොන්දු වෙනවා මේවා ඔක්කෝම සෙට්ල් කරගන්නකම්..." හෙසොක් සොක්ජින්ගෙ අතක් ලාවට සිප ගත්තා. " ම්ම්ම්.... ප්ලීස් ජිනී....."

" ඔයාගේ පපා කොහොමත් මේ දේවල් වලට කැමති නෑ. ඔයා ඔය මගුල් මැචර්ස් සෙල්ලම් කරන එකටවත්, ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් වෙනවටවත්... තව එකක් ඔයා ෆයිනල්ස් ඉවර කරන්න ඕනේ ...  ඔයා හරිනම් මේ වෙලාවෙ මං එක්ක ප්‍රැක්ටිකල් ට්‍රෙනින් එකේ ඉන්න ඕනේ මින්... මොනවද ඔයා මේ කරන්නේ ආ.... " සොක්ජින් හිටියේ හැමදේම ගැන පුදුම කලකිරිමකින්... මේ ප්‍රශ්න වල නිමාවක් නැත්තේ ඇයි

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Kde žijí příběhy. Začni objevovat