2. ජිමින් කෝ ?

830 204 58
                                    

" ජන්ගගුකී.... මගේ පුතු.... " ජන්ග්කුක්ගේ මමා වෙඩින් ඩ්‍රෙස් එක උස්සගෙන ජන්ග්කුක් දිහාට ඇවිදගෙන ආවේ මහා සෙනඟ මැද්දෙන්. ජිමින්ගේ පපාත් ජන්ග්කුක්ගේ මමාගේ පිටිපස්සෙන් ඇවිදගෙන ආවේ ලොකු හිනාවක් එක්ක. ජන්ග්කුක් ඔරව ගත්තා. ඒ උනත් ජන්ග්කුක්ගේ මමාගේ අත් අතර එයාට සනීප හැගීමක් දැනුනා.

" මගේ ජන්ග්ගුකී.... " ඔම්මා ජන්ග්කුක්ට ලොකු හාද්දක් දුන්නා.

" හනී..... ඔයාට අමුත්තෝ ගොඩක් ඉන්නවා. මම හිතන්නේ මිස්ටර් දොන්ග්සෙන්ග් ඔයා එක්ක කතා කරන්න බලාගෙන ඉන්නේ. " ජිමින්ගේ පපා ජන්ග්කුක්ගේ මමාට කිව්වේ රහසින් වගේ . ජන්ග්කුක්ගේ ඔලුවටත් පුංචි තට්ටුවක් දාන්න එයා අමතක කරේ නෑ. ඒක පුදුමයක් නෙවෙයි. ජිමින්ගෙ පපා හැමවෙලාවෙම දේවල් ජන්ග්කුක්ගේ මමාට මතක් කරන එක. ඇත්තටම ඒ ජන්ග්කුක්ගේ මමාගේ ප්‍රයිවට් සෙක්‍රටරි. දැන් එයාගේ බිලව්ඩ් හස්බන්⁣ඩ්.

ජන්ග්කුක් මුණ හකුළුවගෙන පැත්තකට උනත් ජන්ග්කුක්ගේ මමා හදිසියේ වගේ ආයේම එයාගේ අතකින් අල්ල ගත්තා.

" පුතා කෝ ඔයාගේ මල්ලි... මුදු මාරු කරාට පස්සෙ මම එයාව දැක්කේ නැ. " ජන්ග්කුක්ගේ මමා කිව්වේ හරිම උනන්දුවෙන්. ජිමින්ගෙ පපා අත් ඔරලෝසුවේ වෙලාව බැලුවේ ජන්ග්කුක්ගේ මමාගෙ ඉන වටේ අතක් දා ගන්න ගමන්. " හනී... මම දැක්කා එයා සොක්ජින් එක්ක ඉන්නවා . ඩොනට් වොරි .... එන්න " එයා කිව්වා. ජන්ග්කුක්ගේ දිග හුස්මක් පහලට දැම්මා.

" කෑම කන වෙලාවට එයාව ඔයා ලගින් තියා ගන්න කුකී..... " ජන්ග්කුක්ගේ මමා ඉවතට ඇවිදගෙන යන ගමන් කියපු හැටි ජන්ග්කුක්ට ඇහුනා.

ජන්ග්කුක් පොළවේ අඩි හම්පලා වටපිට බැලුවේ ඇත්තටම එයාට ජිමින් ගැන කිසිම මතකයක් නැති ගානට. ටික වෙලාවකට හරි ඒ කරදරෙන් බේරෙන්න පුළුවන් වෙච්ච එක කොච්චර ලොකු දෙයක්ද කියලා කල්පනා කරා. ඇත්තටම ජිමින් කියන්නෙ කරදරයක්. මමා උනත් වොරි වෙන්නේ එයා ගැන විතරයි . ජිමින් තමන්ගෙ ජීවිතේට ආපු දවසේ ඉදලා හැමවෙලාවෙම එහෙමයි. මමා එයාට කැමති උනා. ඊලගට ජන්ග්කුක්ගේ හොදම යාළුවා සොක්ජින් එයාට ආදරේ උනා. ටේහිය්‍යුන් හිටියා නම් අනිවාර්යයෙන්ම එයා ජිමින්ව තමන්ගෙ යාළුවා කරගනී. ඒතකොට ජන්ග්කුක්ගේ නැනී ලිලී... ලිලී දැන් ජිමින්ගෙ නැනී වෙයි. අනික් හැමෝටම කන්ඩ පනින ජන්ග්කුක්ගේ බව්වා බෑම් එයා ජිමින්ට ගොරවන්නේවත් නෑ.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now