43. ඉයුන් වූ ජිමින්ට..... මොකක් !

389 103 112
                                    

අපි යමු කතාවෙ මුලට.......

පාර්ක් ජිමින් කියන්නෙ ජියෝන් ජන්ග්කුක්ගේ අර්ධ සහෝදරයා. හැමෝම ඒ කතාව දැනගෙන හිටියා. ඉයුන්වෝ උනත් දන්නවා ජන්ග්කුක් ජිමින්ට කොච්චර නපුරු කම් කරාද කියලා එයාලා හරිම පුංචි කාලේ දී. ඉයුන්වෝ කියන්නෙ ජන්ග්කුක්ගේ මමාගෙ ලගම බිස්නස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙච්ච මිස්ටර් නම්කින්ගේ එකම දරුවා. එයා ටේහිය්‍යුන්ගේ වයසේ කෙනෙක් උනාට එයා වැඩිපුරම නිතරම කෙයා කරේ සහා තමන්ගෙ යාළුවා කරගත්තේ ජිමින්ව. එයා ජිමින්ව දැක්ක පළවෙනි දවසෙ ඉදන් හිතාගන්න බැරි තරම් එයා ජිමින්ගෙ කියුට් පාටට වහ වැටිලා හිටියේ. ටේහිය්‍යුන්ගෙන් ජිමින් ගැන තව ගොඩාක් දේවල් දැනගන්නවත් එක්ක එයා ජිමින්ට පුළුවන් තරම් ලගින් ඉන්න එයාට ඕනේ උනා. ඒ වගේම පුංචි හුරතල් ජිමින්ව බෝලයක් වගේ පරිස්සමෙන් බලා ගන්න විශාල කර්තව්‍ය එයා ටේහිය්‍යුන් සොක්ජින් එක්ක බෙදා ගත්තා.

විශේෂයෙන්ම ජන්ග්කුක් බෝඩින් ස්කුල් යන්න පටන් ගත්ත එකෙන් ජිමින් හිටියේ ශොක් වෙලා . එයා හිටියේ හොදින් නෙවෙයි. මොන දේවල් උනත් නොවුනත් ජිමින්ට ජන්ග්කුක්ව එහෙම නොදැක ඉන්න එක එයා ගෙදර නැහැ ලග නැ කියලා දැනෙන එක සෑහෙන්න අමාරු උනා.

බෑම් හිටපු එක සෑහෙන්න ජිමින්ව හීල් කරා උනත්, ඇලජි වලට ටැබ්ලට් කටේ දාගෙන තෝර පෙත්තා එක්ක සෙල්ලම් කරන්න එයාට පුළුවන් උනත් ටේහිය්‍යුන් එයා ලග පොත්ත වගේ ඇලිලා හිටියා උනත් සොක්ජින් එයාව මල් පෙත්තකට වගේ ආදරේ දුන්නා උනත්, එයාට පුදුම පාළුවක් දැනුනෙ මුණ පුම්බං ඉන්න ජන්ග්කුක් නැති එක. එයාට නපුරු කම් චුට්ටක් කරාට තමන්ට රිද්දන්න හැදුවට ජන්ග්කුක්ගේ බෝල ඇස් ජිමින්ගෙ කදුළු ඇස් ඉස්සරහා මෙල්ට් වෙලා මොට්ට වෙලා සස්පෙශන් දේවල් හිතන්න තරම් මූඩ් එක දුක් වෙන එක ගැන අවුරුදු පහලවක් වෙච්ච ජිමින්ට නොතේරෙන්න තරම් එයා පිස්සු බූතයෙක් නෙවෙයි.

කොහොමත් පහුගිය අවුරුදු පහ හය ඇතුලත ජන්ග්කුක්ගේ හැසිරීමේ සෑහෙන්න වෙනසක් වෙලා තිබ්බේ... ජිමින්ට ඒක කියන්න තේරුන් නෑ. හැබැයි එයාට නෝට් වෙලා තිබුනෙ ජන්ග්කුක්ගේ එයාව ගිලින්න වගේ බලන් ඉන්න සමහර සමහර අවස්ථාවන්. එව්වා කොහෙත්ම සහෝදර හැගීමෙන් බලන හොයන දිලිසෙන බැලීම් හැගීම් උනේ නෑ...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now