52. බිග් ටූනා ?

337 103 89
                                    

ජිමින් කියන්නෙ ලොකුම ලොකු පණ්ඩිතයෙක් ! එයා කොහොමද එහෙම හිතන්නෙවත් කියලා මට කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් කියන්නෙ ලොකුම ලොකු පණ්ඩිතයෙක් ! එයා කොහොමද එහෙම හිතන්නෙවත් කියලා මට කියන්න. එයා එහෙම තීරණ අරගන්නෙ කොහොමද එයා කරන්න ඕනෙ දේ ගැන...

ජන්ග්කුක් හිටියේ බුම්මගෙන.....

යා.......

පාර්ක් ජිමින්, එයා තඩි වැරැද්දක් කරලා තිබුනෙ ජන්කුක්ට තරහා යන්න තරම් ලොකු...

ජන්ග්කුක් කැමතිම පිලෝ එක ඒක කහපාට ලොකු පුළුං පුරවපු සනීප එකක්. ඒ වගේම එකක් ලිලී ජිමින්ටත් ගෙනත් දුන්නා. එතකොට ජිමින් එයා එක්ක එක කාමරේ ඉන්න ආවට ජන්ග්කුක් සතුටින් උඩ පැන පැන හිටියේ හිත යටින්.

ක්වාන්ගෙ පුංචි හෙංචයියෝ ටික ජිමින් ඕඩර් කරලා තිබ්බ ලස්සන ඇදක් කාමරේට උස්සගෙන ඇවිත් දානකම් හැමදේම හරිම හොදට තිබුණා.

එයාලා ක්ලබ් සැන්විචස් කෑවට පස්සේ ජිමින් ජන්කුක්ගෙ කටත් පිහදලා රසම රස බ්ලුබෙරි මික්ස් අයිස්ක්‍රිම් උඩට දාපු නමක් දන්නැති ජූස් එකකටත් වැඩේ දුන්නා. ට්‍රිට්මන්ට් කියලා ලොකුවට තාම ජන්කුක්ට බෙහෙත් රෙකමන්ඩ් කරලා තිබ්බේ නෑ. මනුස්සයා හදිසියේ එන තමන්ගේ ඔලුව කැක්කුම ගැන කාටවත් කියලා තිබ්⁣බෙත් නෑනේ.

ඊට පස්සේ ජිමින් හරිම සතුටින් හිනාවෙවී තමන්ගේ බඩු පෙට්ටියත් කාමරේ මැද්දට ඇදගෙන ආවා. ජන්කුක් එයා එක්ක මුකුත්ම කියෙව්වෙ නැති උනාට හැම තප්පරේම ජන්කුක්ගෙ ඇස් එයා ලග තියන බව ජිමින් දැනගෙන හිටියේ...

" ජිමිනී බේ......බී.........." ලිලී මහා හයියෙන් බෙරිහන් දීගෙන ලොකු හිනාවක් එක්ක කාමරෙට ආයෙම කඩන් පැන්නෙ ඔය අතරෙදි....

" ......තවත් ඕඩර් එකක් ආවා...." ලිලී ජිමින්ගේ ළගටම ඇවිත් ආයෙම කෑගැහුවා ....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now