15. සීරුම්

644 192 57
                                    

ඒක ලොකු වෙලාවක් නෙවෙයි මිනිත්තු පහක් හයක් යන්න ඇති. මිනිත්තු පහක් හයක් කියන්නෙ ලොකු වෙලාවක් නෙවෙයිනේ.

ජිමින් හිටියේ හිටපු ඉරියව්වෙන්නමයි වගේම එයාට දැනුනේ එයාගේ කකුල් ගල් වෙලා වගේ කියලා . ඒත් හෙලවෙන්න ඕනේ කියලා එකක් නෑනේ. මේ වෙලාවේ අවදියෙන් සීරුවෙන් ඉන්න ඕනේ....

තෝර පෙත්තා අමුතු මියෑව් සද්දෙකට පස්සෙ අඩියක් පස්සට වෙලා ජිමින් දිහා බැලුවා. ජිමින් හිටියේ තවමත් බාත්රූම් ඩෝ එකට ඇහැ ගහගෙන.

වතුර සද්දෙ නැවතුනා. තෝර පෙත්තගේ හදිසි වෙනස් වීම ජිමින්ව පියවි ලෝකෙට ඇදලා ගත්තා...

එයා පුළුවන් තරම් ඉක්මනට වට පිට බැලුවේ අතට අහුවෙන ඕනේම ආයුධයක් තමන් ඉස්සරහට එන ඕනම විරුද්ධවාදියෙකුට එරෙහිව පාවිච්චි කරන්න හිතාගෙන. ආහ්.... අලුත් ඩස්ට් ක්ලිනින් මැශින් එක... ඔය තියෙන්තේ. ඔලුව පැලෙන්න දෙමු ජිමිනාහ්... ටේහිය්‍යුන් ඒක අප්ස්ටෙයා එකෙන් ගෙනත් තිබ්බේ වැඩි පරිස්සමට . සමාවෙන්න ටේහිය්‍යුන් මේක අජන්ට් . ජිමින් තමන්ගෙ අත් වලට ඒක උස්සගත්තා.  ගහන්නම නෙවෙ . වැඩි ආරක්ශාවට......

තෝරපෙත්තා තවත් කලබලෙන් කකු
ල් එහෙ මෙහෙ කරේ නැට්ට කරකවන ගමන්.

ජිමින් හිතෙන්  ගනන් කරන්න පටන් ගත්තා.

එකයි.....
දෙකයි......
තුනයි......
හත.....
හත......ර..

තෝරපෙත්තා හැමවෙලේම වගේ ජිමින්ට වඩා  ඉස්සර උනා. ජිමින්ගෙ අතෙන් ක්ලිනින් මැශින් එක ගිලිහෙද්දිම වගේ තෝරපෙත්තා හිටියේ අමුත්තාගේ ටවල් එකේ එල්ලිලා.... තව චුට්ටකින් ජිමින්ගෙ ඇස් ඉස්සරහා තිබුනෙ දකින්න පුදුම තරම් ලස්සන දර්ශණයක්.

' ජන්ග්කූක්.......'

ජියොන් ජන්ග්කුක් , එයාගේ වතුර බේරෙන පීච් වගේ ලස්සන ඇබ්ස් දිගට වතර බින්දු ගලාගෙන ගලාගෙන ගලාගෙන ගියා. දහවල් හිරු එලිය පෙරුණු හෙවනැලි ජන්ග්කුක්ගේ ලස්සන පුරාවට දග කරා.

ජිමින් හිටියේ හුස්ම ගන්නත් අමතක වෙලා .....

ඒත් එයා ඉක්මනට ඇස් තදට පියා ගත්තා.

" ෆක් ..... " ජන්ග්කුක් කෑගැහුවා. තෝර පෙත්තා ජන්ග්කුක්ගේ ටවල් එකත් කඩාගෙන බිමට පතබෑවුනා.....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now