17. මොණවා නැතිවෙන්න ද

714 186 54
                                    

ජිමින් ඇස් අරිනකොට එයා හිටියේ සැප උණුහුමක ගුලි වෙලා කියන දේ එයා ඉක්මනින් තේරුම් ගත්තා.

කොච්චර සැපද කියනවනම් ජිමින්ගෙ තොල් වල පාර හරියටම ජන්ග්කුක්ගේ පපුවේ මැද හිටිලා කිබ්බේරතු වෙන්න තරම් ජිමින්ව තද කරගෙන බදාගන්න ජන්ග්කුක් හිතලා තිබ්බා ව⁣ගේ. ජිමින්ගෙ කම්මුල් රස්නෙ පාට වෙලා බෝල වෙනකොට එයා පරිස්සමෙන් තමන්ගෙ පස්ස පැත්ත උස්සගෙන ජන්ග්කුක්ගේ බැන්ඩේජ් අත් වලින් ගැලවුනේ මෙච්චර ලගින් ජන්ග්කුක් ලගින් ඉන්න අවුරුදු හතරක්ම ගියේ මොකටද කියලා හිතන ගමන්. ජන්ග්කුක් ලග අන්තිමට මෙහෙම තුරුල් වෙලා හිටියේ එයා අයිසීයූ එකේ ඉන්නකොට. ඒකත් මෙහෙම පුංචි සතුටක්වත් දැනෙන කාලෙක නෙවෙ.

හරියට ජිමින්ට ජන්ග්කුක්ට ලන් වෙන්න නම් ජන්ග්කුක් ඉන්ජර්ඩ් වෙන්නම ඔනේ වගේ එකක්නේ ඒක. හැබැයි ජන්ග්කුක්ට නිකමටවත් එහෙම හිතුනොත් මිනිහා හැමදාම තුවාල කරගනීවී.... හිතලම...

ජිමින් ජන්ග්කුක්ගේ ලාවට තෙත් කොණ්ඩ ගස් සුවද කරන ගමන් සම්පුර්ණයෙන්ම ඇද ඉස්සරහා හිට ගත්තා. ජන්ග්කුක්ගේ වෙනුවෙන් මොනවා හරි උයන්න වෙලාව හරි කියලා එයාට හිතුනේ පේන් කිලර් එකක් එක්ක එයාව තව ටිකක් නින්දට යවන එකත් එයාට මතක් වෙච්ච නිසා. ජන්ග්කුක්ගේ හීනී ලස්සන තොල් එක්ක හුරතල් පාට වෙලා මේන කඩවසම් බව ජිමින්ව අවුරුදු ගානක් තිස්සේ අතරමන්කරලා දානවා.

තමන් ජන්ග්කුක්ගේ තුරුලට පැනපු විදිහ ගැන ජිමින් එච්චර නොහිතා ඉන්න හිතුවා. කෝමහරි අන්තිමේ එයා හිටියේ එයාගේ ෆේවරිට්ම කුකී බ්ලැන්කට් එක අස්සෙනේ.

කවදාවත් නැති තරම් එයාට ජන්ග්කුක් එක්ක හදිසි සමීප බවක් දැනෙන්න ගත්තා. ජිමින් ජන්ග්කුක්ට ඈතින් ඉන්න හැමදාම උත්සාහ කරා උනත් , ජන්ග්කුක් උනත් තමන්ට වෛර කරනවා ඇති කියලා හිතන්න එයාට උවමනා උනත්....

එයාලා මුන ගැහෙන හැම දවසකම ඒ දේවල් එහෙම තිබුනෙ නෑ..... " ඒ ඔයාගේ සහෝදරයා ජිමිනී " ජිමින් හැමදාම එයාටම තරවටු කරගත්තා උනත් ජන්ග්කුක්ට වගේම ජිමින්ටත් ඒ හැගීම සහෝදරයෙක් කෙරේ දැනෙන එකක් උනේ නෑ.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now