4. අසරණ පූස් පැටියා

701 193 16
                                    

ජිමින්ව හම්බුනේ හරියටම ජන්ග්කුක්ව හොයා ගන්න පැය තුනකට කලින්. ගබඩා කාම⁣රයේ සීතල වැඩි වෙන්න වැඩි වෙන්න ජිමින්ට ජන්ග්කුක් එනකම් ඉන්න තමන් වෙච්ච පොරොන්දුව වැඩියෙන් මතක් වෙන්න ගත්තා. ඒත් ඇත්තටම එයාට ඕනේ උනේ එතනින් ඇවිදගෙන එලියට යන්න. ඒත් යන්න ඕනේ කොහෙටද කියලා එයා දැනගෙන හිටියේ නැහැ.

ගබඩා කාමරෙ පිටවෙන දොරටුව තියන පැත්ත ජිමින්ට මතක තිබුනෙ නැහැ. ජිමින් බලාපොරොත්තු කඩ කරගෙන තවදුරටත් එයාගේ අදුරු පාට බෝල ඇස් තියන ලස්සන ලොකු සහෝරයාත්, එයාට වැඩියෙන්ම ආදරේ පෙන්නන ජින් හියොනුත් එනකම් එතනම ඉන්න තීරණය කරේ ඇස් වල කදුළු පිරෙද්දි .... ඒත් එයා ඉන්න ඕනේ.... එයා එතන ඉන්න ඕනේමයි.

හදිසියේ අමුතු සද්දයක් එක්ක පෙට්ටි ගොඩාක් පෙරලගෙන බිම වැටුනා. ජිමින්ට දේවල් ඇහෙන්නේ හරිම හිමින් උනත් එයාට පරිසරයේ වෙනස් වෙන පුංචි හැමදේම දැනෙනවා.

එයා නැගිට්ටා.... පෙට්ටි පෙරලෙනවා පෙනුනේ එයා හිටපු තැනින් ටිකක් එහාට වෙන්න තිබුණු අදුරු මුල්ලක.

එතන හිටියේ පුංචි පූස් පැටියෙක්. බූල් ගොඩාක් පුම්බගත්ත හුරතල් පාට ලස්සන පූස් පැටියෙක්. කාඩ්බෝඩ් පෙට්ටිය ඇග උඩ පෙරලගත්තු පුංචි පුස් පැටියා එතනින් එලියට පැන ගන්න හොදටම දැගලුවා. ඒ දැගලිල්ලට සිද්ධ උනේ එයාව එහෙම්ම පෙරලිලා ගිහින් තරමක් ගැබුරු සහා තද ආවරණයක් සහිත පෙට්ටියක් ඇතුලට වැටෙන එක....

එයා එන්න ඇත්තේ පුංචි මාළු කන්න වෙන්නැති. මොකද එතන අවට තිබුනේ අමුතු පිලී ගදක්...

ඉතින් ජිමින් ඉදගෙන හිටපු තැනින් හිමීට නැගිට්ටා. ඇස් බෝල ලොකු කරගෙන පුංචි කකුල් වලින් ඉස්සෙන ගමන් එයා කාඩ්බෝඩ් ⁣පෙට්ටිය ඇතුලට අත දැම්මා...

ඒත් ජිමින්ට වඩා හිස් කාඩ්බෝඩ් පෙට්ටිය නම් ගොඩාක් උසයි. ඇගිලි තුඩු වලින් එසවුනත් තවදුරටත් තමන්ගෙ සමබරතාවය රැක ගන්න ජිමින්ට පුළුවන් උනේ නැහැ. එයා කාඩ්බෝඩ් ⁣පෙට්ටිය ඇතුලට ඇදගෙන වැටුනා. එයාට රිදුනා. පූස් පැටියා ජිමින්ගෙ අත් අතරේ ගුලි උනා.

ජිමින් පුස් පැටියව පෙට්ටියේ කටෙන් එලියට දාන්න උත්සාහ කරා උනත් එයා සාර්ථක උනේ නැහැ.... පෙට්ටිය ඇතුලට බැහැගත්තා වගේ නැහැ. ඒ කාඩ්බෝඩ් පෙට්ටිය පෙරලගෙන එලියට එන විදිහක් ජිමින් දැනගෙන හිටියේ නැහැ. එයා හොදටම බය උනේ ඊට පස්සෙ... තමන් හරියටම කරන්න ඕනේ මොකක්ද කියලා එයා කොහොම තේරුම් ගන්නද එයාට පේන්නේ සිවිලිම සහා අදුරු වටපිටාව එයාට උඩින් එයාව ආක්‍රමණය කරන හැටි විතරයි.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now