14. දියමන්ති පාට ලේ

670 189 68
                                    

ජිමින් තමන්ගෙ හුරුබුහුටි දුරකථනය අතට ගත්තා.

" හියොන්ග් .... මට චුටී අපාට්මන්ට් එකක් හොයාගන්න ඕනේ... " ජිමින් ටයිප් කරා.

සොක්ජින් මූණ අමුතු කරගෙන ජිමින් දිහා බැලුවා.

එයා අතක් ඔලුව ලග තියලා ඇගිලි කරකලා පිස්සු හැදීගෙන එනවද කියලා ජිමින්ගෙ මූණටම ඇහුවා. ජිමින් හියරින් ඒඩ් කනට තද කර ගන්න ගමන් ආයේම ටයිප් කරන්න පටන් ගත්තා.

" හියොන්ග්..... මට දිගටම ඔයා ලග ඉන්න බෑ. "

" එහෙනම් ටේහිය්‍යුන් එක්ක ඉන්න. අඩුම මිනිහා .... යා ඔයා⁣ට ඇහෙනවද "

ජිමින් ඔලුව හෙල්ලුවා.

" ඔයාට මාව බෝරින්නම් එයා එක්ක ඉන්න. කිසිම වැඩකට නෑ. මාත් එක්ක කම්පැනි එකට එන්නෙත් නෑ. මොඩ්ලර් ඒජන්සියක් බදාගෙන ඒකත් එයා කරන්නේ එයාට ආස හිතෙන ශූට්ස් විතරයි . ඔය මැනෙජර්කාරයා තව ටික දවසකින් එලවලා දායි මේ යකාව... සුබින් ඔය ඉවසන්නෙ මගේ බැජ් ෆ්‍රෙන්ඩ් ෆිට් එකට කියලා මනුස්සයා මගේ මූණටම කිව්වා. පුදුම ලැජ්ජාවක් උනේ ..... ආයිශ්.... මතක් වෙද්දිත් අර බූරුවගෙ ඔලුව හිල් වෙන්න අනින්න හිතෙනවා. "

ජිමින් හිටියේ කටත් ඇරගෙන.... සොක්ජින් ලොකු හුස්මක් එක්ක ආයෙම ටේහිය්‍යුන්ට බනින්න පටන් ගත්තම ජිමින්ගෙ කම්මුල් රතු උනා. එයා උරහිස් ගස්සගෙන හිනාවෙන ගමන් සොක්ජින් වම් අත උඩ තමන්ගෙ පුංචි දකුණත තිබ්බා...

" රිලැක්ස් හියොන්ග් .... මම ටේහිය්‍යුන් ගැන බලා ගන්නම්. අයි ප්‍රොමිස් ..... "

.
.
.
.
.
.

ටේහිය්‍යුන්ට ලොකු මහන්සියක් වෙන්න දෙයක් තිබුනෙ නැ. ජිමින් සොක්ජින් එක්ක දවස් කිහිපයක් ගත කරන්න තීරණය කරලා තිබුනා වගේම ඊට පස්සෙ එයා ටේහිය්‍යුන්ගේ ගෙදර එනවා කියලා කිව්වා. සොක්ජින්ට ජිමින්ව හුරතල් කරන එක ලොකුවටම මගහැරිලා තිබුන හේතුවෙන් එයාලා ඩිනර් ඩේට් කිපයකටම ගියා ටේහිය්‍යුන්ව හලලා දාලා. වෙලාවකට ජින් , ජිමින් ගැන එච්චර ආදරෙන් ඉන්න එකට ටේහිය්‍යුන් චුට්ටක්වත් කැමති උනෙ නැ. එයාට ඉරිසියාත් එක්ක... එයාව හලලා එහෙම එයාලා ඩේට් යන්නේ කෝමද. කෙල්ලෙක් නැති හින්දනේ මේ හැම දෙයක්ම.... හහ්..

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now