6. වළල්ල

704 201 21
                                    


" එකයි..... දෙකයි..... තුනයි..... හතරයි...... පහයි....... " ජන්ග්කුක් දිගටම ගනන් කරා.

සටන් වළල්ල මැද්දේ බිම පතිත වෙලා හිටපු එයාගේ දිවට ලේ රහක් දැනෙනකොට එයා දැනගත්තා ඒ පහර එයා හිතනවට වඩා තදින් බොක්කටම වැදෙන්න ඇති කියලා . ඒ වගේම ඕනෙවටත් වඩා නිශ්ශබ්ද තරඟ වලල්ල එයාව කුපිත කරේ මේ වෙද්දි චියර් කරන සද්දේ පවා නැතිවෙලා ගිහින් තිබ්බ නිසා. අපරාදේ අර පස්ස හොලව හොලව උඩ පැන්න කෙල්ලෝ ටික.....

ඇල්පෙනිත්තක් පවා බිම වැටෙන සද්දේ ඇහෙන තරමටම දේවල් නිශ්චල වෙලා තිබුනා. ජිවිතේ පිස්සු විකාර දේවල් ජන්ග්කුක්ට මතක් වෙන්නේ මේ වගේ නැතිවෙන්න ගුටි කන දවස් වලට.

ජන්ග්කුක්ගේ තොල් පුපුරලා තිබුණු තැනෙන් එලියට පැනපු ලේ බිංදුවක මලකඩ රස ඇස් පියාගෙන විදගන්න ගමන් එයා තමන්ගෙ වේදනා දෙන උරහිස ගැන ටින වෙලාවකට අමතක කරේ ⁣කකුල් දෙක කරේ තියන් හරි ගෙදර යන්න කලින් අර මල යස්සයගේ ඔලුව පොඩි කරන්න තියන උවමනාවට. මල යස්සයා කිව්වේ ජන්ග්කුක්ගේ පරණ මිත්‍රයෙක්ට. පරණ මිත්‍රයෙක් කියන්නේ මිත්‍රය වේශයේ මිත්‍රයෙක්ම නෙවෙයි. ඒක දිග අතීතයක්...

ඊලග තප්පරය හරිම තිරණාත්මක එකක් කියලා ජන්ග්කුක් දන්නවා. එයා අගන්‍යාසයෙන්ම හිත හයිය කරගත්තා.

විනිසුරුවරයා ගනන් කරන්න පටන් ගත්තා.

" ෆෝ...... ෆයිව්..... සික්ස්......"

තමන්ගෙ කොදුඇටපෙල ඉරාගෙන දැනෙන වේහෙස දරාගෙන ජන්ග්කුක් තමන්ගෙ අත් වලට බර දීලා ඇගෙන් ඉස්සෙන්න උත්සාහ කරා. නරබන්නෝ හිටියේ හුස්මක්වත් ගන්න පරක්කු නොවී ඒ දිහාම බලාගෙන ..... පිස්සු යක්කු

මේක සාමාන්‍ය පුහුණු තරඟයක් විතරයි. ඒ උනත් ⁣ඒක එතරම්ම සාමාන්‍ය එකක් උනේ නැහැ කියලත් අපිට කියන්න පුළුවන් . ඒකට හේතු කිහිපයක් තියනවා.

එකක් කොච්චර ලීගල් උනත් ඉලීගල් දේවල් වෙන්න පුළුවන් තැනකට ඊලිගල් වැඩ වලට සම්බන්ධ බොහෝ අය එකතු වෙනවා කියන එක එතකොට දෙවනි හේතුව පහුගිය සතියේ තරඟ තහනමට ලක්වුනු ෆ්‍රැන්ක් වෙනුවෙන් ජන්ග්කුක් තරග වදින්න තීරණය කරලා තිබුනු එක ...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now