Chapter 24

1.4K 319 43
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" ඉතින් අප්පව නිදහස් කරාද? "

TH-" අම්මා මාවත් අරන් ජෙනරාල්ගේ ගෙදරට ගිහින් දවස් දෙකකින් අප්පාව නිදහස් කරා කියලා පණිවිඩේ ආවා,
අම්මා එදා ගොඩක් සතුටු වෙලා,
අම්මා ජෙනරාල්ට හොරෙන් අප්පාව හම්බෙන්න හැදුවත් අප්පා කොහෙද කියලා කිසිම ආරංචියක් නැති වෙලා,
අම්මා තීරණේ කරලා අප්පාව හොයන්න යන්න,
ජෙනරාල්ට හොරෙන් සතියක් තිස්සේ අප්පාව හොයලා.
හිරෙන් ආවා කියලා පණිවිඩේ ආව දවසේ ඉදන් සතියක් ඇතුලත අම්මට අප්පාව හම්බෙලා..... "

Jk-" කොහෙද "

TH-" අගනුවරට උතුරින් ගලන ගග ලග,
අප්පාගේ මලසිරුර ,"

Jk-" අප්පා සියදිවි නසාගෙන ? "

TH-" රහසිගත මරණයක් "

Jk-" ආහ් ? "

TH-" ඔව්...ඒක රහසිගත මරණයක්,
දැක්ක කෙනෙක් නෑ,
උන දෙයක් නෑ...
අප්පගේ මුලු ඇගේම තුවාල,
ලේ ගල් ගැහිලා දවස් ගානක් තිස්සේ,
ඒ වගේම මුලු ඇගේම අස්ථි බිදිලා,
සහ ඇගේ කැපුම් පාරක් තිබිලා,
ඒත් ඒවා උන විදියක් දන් නෑ... "

Jk-" දෙවියනේ "

TH-" අම්මා එදයින් පස්සේ ඇවිදින මලමිනියක් වගේ ජීවත් වෙලා තියෙන්නේ, හැම වෙලේම නොනවතින කදුලු ඇස් වලින්,
අම්ම අම්මගෙ පිට හැම වරදම දාගෙන සියදිවි නසාගන්න හැදුවත්, මං හින්දා අමාරුවෙන් ජීවත් වෙන්න තීරණේ කරලා.....
ජෙනරාල්ගේ ගෙදර මං හින්දා ඉන්න තීරනේ කරා..."

Jk-" ජෙනී.... ? "

TH-" ජෙනරාල්ට එයාගෙම දරුවෙක් ඕන වෙලා, එයාට ඒ වෙනකොට දරුවෝ නෑ...
මාව එයාගේ දරුවෙක් විදියට සලකන් නෑ... අම්මාව මගෙන් මාස 6න් වෙන් කරලා,අම්මා මං ලගට යන්න උත්සහ කරන හැම වෙලේම අම්මට දඩුවම් කරලා....එයාට අම්මව ඕන වෙලා එයාගෙ බිරිද විදියට ...."

I met youWhere stories live. Discover now