Chapter 26

1.3K 308 120
                                    

================================______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________

______________________________________

Jk-" මියුන්ගි .....? "

Jeon කූඩාරමට ඇතුලු වෙනකොටම දැක්කේ සාත්තු සේවිකාවන් මියුන්ගි වට කරන් බෙහෙත් දානවා,මියුන්ගිව ඇදක ඇල කරවලා කට්ටිය වට වෙලා හිටියේ.

" ඩො..ඩොක්ටර් "

එක සාත්තු සේවිකාවක් jeon ලගට දුවන් ආවා.

Jk-" ඇයි...මියුන්ගිට මොකද උනේ? ඇයි මෙහෙම "

" අපි මෙතනට එනකොටත් එයාට සිහිය නැතුව වැටිලා හිටියේ ඩොක්ටර් "

Jeon ඉක්මනින් මියුන්ගි ලගට ගියා,
ඒ වෙනකොට මියුන්ගි ඇස් ඇරලා හිටියේ, මියුන්ගියේ මූනේ තදින් පැල්ලම්, ඇදුම් ටිකක් ඉරිලා වගේ,
අත් පය වල තුවාල,
මියුන්ගිගේ ඇස් වල කදුලු පිරිලා තිබ්බේ,
වෙන කිසි දෙයක් හරියට තේරුම් ගන්න බැරුව jeon මියුන්ගි දිහා බැලුවේ පුදුමෙන්.

Jk-" ඇ..ඇයි... මොකද උනේ, කවුරු හරි කියනවද ඇයි මියුන්ගි මෙහෙම,
එයාට මොකද උනෙ ? "

" ඩොක්ටර් .... මං හිතන්නේ ඊයේ රෑ මොකක් හරි නරක දෙයක් වෙලා "

Jk-" නරකක් කියන්නේ මොකද්ද?
මොකද වෙලා තියෙන්නේ ? ඇයි මොකද උනේ...... "

කවුරුත් කතා නොකර බිම බලා ගත්තා. Jeon මියුන්ගිගේ අතින් ඇල්ලුවා.

Jk-" මියුන්ගි ඔයා හොදින් නේද ? "

මියුන්ගි ඔලුව වැනුවා .ඒත් තවමත් ඇස් වලින් කදුලු වැටෙනවා.

Jk-" ඔයාට මොකද උනේ...? "

මියුන්ගි කතා නොකර ‍යටි තොල තදින් හපා ගත්තා. මියුන්ගිගේ ඇස් වල කදුලු පිරුනා.

I met youWhere stories live. Discover now