𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11

2.9K 583 193
                                    

ජන්කුක් අද නොඉවසිල්ලෙන් හිටියේ හෝසොක් එක්ක ස්ට්‍රීට් ඩාන්ස් ශෝ එක බලන්න යන්න...ජන්කුක් උදෙ ඉදන් බලන් හිටියේ වෙලාව යනකම්...උදේ කිම්ට exercise කරවපු ජන්කුක් ඔහේ කාමරේට වෙලා හිටියා...සෝජු බෝතල් යවපු වැඩෙත් අසාර්ථක නිසා තේහ්‍යුන් කතා කරන්නෙ නැති එකටත් ජන්කුක් හිටියෙ අවුලෙන්....

ජන්කුක් තේහ්‍යුන් එක්ක කතා කරන්න වගේ ආවත් තේහ්‍යුන් ජන්කුක් ව මගඇරියා...තේහ්‍යුන් ව යාලු කරගන්න ජන්කුක් ගේ ටිකිරි මොලේට ආපු අදහසක් නිසා ජන්කුක් කිචන් එකට ආවේ අජුම්මව හොයන්....

අජුම්මා...?

ඇයි පුංචි මහත්තයා ? බඩගිනිද ?

නැ...මට උදව්වක් ඕනෙ...

මොකද්ද පුංචි මහත්තයාට මගෙන් ඕන උදව්ව ම්ම්ම්...?

තේහ්‍යුන්ගී හියුන්ග් වැඩිපුරම කන්න ආස මොනාද ?

ම්ම්ම්...ගොඩක් දේවල් තියෙනෙවා...

ආ අජුම්මා...හියුන්ගී ට ලගදි හදපු නැති කෑමක් මට හදන්න ඕනෙ...

ලගදි හදපු නැති නේ...ආ තියෙනෙවා...

හරි එහෙනම්...අජුම්මා මට කියලා දෙනවද...මගේ අතින්ම හදන්න ඕනෙ...

අර ඒප්‍රන් එක දාන් එන්නකෝ...මං කියලා දෙන්නම්....

අජුම්මව සතුටින් හග් කරපු ජන්කුක් ඒප්‍රන් එකත් දාන් තේහ්‍යුන් ට කැම එකක් හදන්න ආවා...අජුම්මා කියන විදියටම හරි පරිස්සමෙන් කරා...ජන්කුක් හිනාවීගෙන ආසාවෙන් ඒ කෑම එක හැදුවා...ජන්කුක් හොදට උයන්න දන්න කෙනෙක් උනත් මේ කෑම එක හදන පලවෙනි පාර....

පැයකට වඩා කාලයක් මහන්සි වෙලා අජුම්මාගේ උදව්වෙන් තේහ්‍යුන් ආසම sweet potato starch stir-fried noodle එක හදාගෙන ඒවා එක්ක තේහ්‍යුන් ට කන්න meat & vegetable හදාගත්තා...ඒ එක්කම ස්ට්‍රොබෙරි මිල්ක්ශේක් එකකුත් හදාගත්තා...

කිම් එක්කත් කිසි වැඩක් නැති උන ජන්කුක් අජුම්මා එක්ක හදපු නූඩ්ල් එකත් බොක්ස් එකේ දාන් ලෑස්ති වෙලා එලියට ආවා...ජන්කුක් මේ සේරම කරන්නෙ එයාගේ තේහ්‍යුන්ගී හියුන්ග් ව යාලු කරගන්න...කිම් ට ඉන්න ඩ්‍රියිවර් එක්ක තේහ්‍යුන් ගේ ඔෆිස් එකට ජන්කුක් ආවා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now