𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 41

2.4K 514 342
                                    

ආහ්හ්!!

පහුවදා උදේ ටේහ්‍යුන් ට ඇහැරුනේ කෙදිරිමක් එක්ක...ඒ වගේම සීතලේ...තද ඔලුවේ කැක්කුමයි , ඇගේ අමාරුවයි එක්ක සීතල පොලොවේ ඉදන් ලාවට ඇස් ඇරපු ටේහ්‍යුන් වටපිට බැලුවා...එයා ඉන්නෙ කොහෙද කියලවත් එයාට හිතාගන්න බෑ...

දෙපැත්තම බලලා ටේහ්‍යුන් පොඩ්ඩක් ඔලුව ඉස්සුවා...එතකොටයි එයා දැනගත්තේ එයා ඉන්නෙ බිම කියලා...අකුණක් වැදුනා වගේ ටේහ්‍යුන් නැගිට්ටත් ඉක්මනින් ඔලුව අල්ලගත්තේ කෙදිරි ගාමින්...ටේහ්‍යුන් ට දැනුනේ එයාගේ ඔලුව පුපුරන්න එනවා වගෙ...

මං ඇයි මේ බිම...?

ටිකක් කල්පනා කරපු ටේහ්‍යුන් ජන්කුක් ගෙනුත් සද්දයක් නැති නිසා ටේහ්‍යුන් එතනින් නැගිට්ටා...කවදාවත් බිම නිදාගෙන නැති නිසා ටේහ්‍යුන් ගේ මුලු සරුවාංගෙම රිදෙන්න අරන්...කොන්දත් අල්ලන් ටේහ්‍යුන් ඈනුම් අරිමින් කාමරේට ආවා...

What the....

ජන්කුක් අත් කකුල් හතර කොනට විහිදුවන් කටත් බාගෙට ඇරන් හොදට නිදි...ටේහ්‍යුන් ට දැනුනේ කලකිරිමක්...ජන්කුක් කොහොමද එයාව එලියේ දාලා නිදාගත්තේ? දොර ගාව ඉදන් බලන් හිටපු ටේහ්‍යුන් ඇද ගාවට ඇවිත් ජන්කුක් ගේ කකුලක් අයින් කරා...

ස්වාමියා පිලේ...මේකා හොදට සැපට ඇදේ...තමුසෙ මොන වගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ද ආ!!! නැගිටිනවා!!!

ටේහ්‍යුන් ජන්කුක් ගේ කකුල් වලින් ඇද ඇද කැගහද්දි ජන්කුක් ලාවට නින්දෙන් ඇහැරුනා...ජන්කුක් blind fold එක අයින් කරලා ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවේ ඇස් බාගෙට ඇරන්...

ආ...වෙරි හිදුනද බේබද්දො??

ම්..මොකක්?? මොකද්ද තමුසේ ඒ කිව්වේ?

ආහ්හ්...පස්සෙ කියන්නම්...නිදිමතයි මට...අයින් වෙනවා!!

ජන්කුක් කකුල ගසලා දාලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න ගත්තම ජන්කුක් ගේ බට් එකට පාරක් ගහපු ටේහ්‍යුනුත් ඇදට පැන්නා...ඇදට ඇවිත් ජන්කුක් ට තුරුල් වෙලා ටේහ්‍යුන් ඇස් පියාගත්තේ සීතලේ හිටපු නිසා...ඒ විදියටම ඒ දෙන්නා තව පැයක් එකට නිදාගත්තා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now