𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 36

2.4K 505 444
                                    

ජන්කුක් වයි ලීසවයි එකට ඉන්නවා දැක්කම කිසි දෙයක් තේරුම් ගන්න බැරි උනත් මල පැන්න ටේහ්‍යුන් එතනම ඉදන් ජන්කුක් ට කෝල් එකක් ගත්තා...ඒත් ටේහ්‍යුන් නපුරු විදියට හිනාවුනේ ඒ කෝල් එක ජන්කුක් කට් කරනවා දැක්කම...මල පැන්න ටේහ්‍යුන් වේගෙන්ම ආවේ ජන්කුක් හිටපු ටේබල් එක ගාවට...

ජන්කුක්..!!!

ට්.ටේ...?

ඇහුන ටේහ්‍යුන් ගේ ගැඹුරු කටහඩත් එක්ක ගැස්සුන ජන්කුක් මල පැනලා ඉන්න ටේහ්‍යුන් ව දැක්කම නැගිට්ටා...නැගිට්ටා නෙමේ ජන්කුක් ට ඉබේම නැගිට්ටුනා...මේ වගේ වෙලාවක ටේහ්‍යුන් ව කොහෙත්ම ජන්කුක් බලාපොරොත්තු උනේ නෑ...ඇරත් ටේහ්‍යුන් සෝල් ආවා කියන්න ජන්කුක් දන්නෙත් නෑ...

ජන්කුක් බලන් ඉද්දි ජන්කුක් ගේ අත දිහා බලපු ටේහ්‍යුන් ටේබල් එකේ තිබුන වතුර බෝතලේ අරන් ලීසා අල්ලපු ජන්කුක් ගේ අත හෝදලා දැම්මේ ලීසගේ ඇස් උඩ ගියා...ලේන්සුව අරන් ජන්කුක් ගේ අත පිහිදපු ටේහ්‍යුන් ජන්කුක් දිහාම බලන් හිටියා...

මොකද්ද මෙතන වෙන්නෙ...කවුද මේ..??

ටේහ්‍යුන් අහද්දි ජන්කුක් ට කෙල ගිලුනා...ජන්කුක් ගේ කටින් වචනයක් පිට උනේ නෑ ටේහ්‍යුන් ගේ මූන දැක්කම...ජන්කුක් දැනටම ගැහෙන්න පටන් අරන්...

මේ කවුද ජන්කුක්...?

ටේහ්‍යුන් ව දැක්කම ලීසා බය උනා...ලීසා හිමින් අහද්දි ටේහ්‍යුන් නපුරු විදියට බැලුවේ ලීසා දිහා...

තමුන්ගේ පාඩුවේ ඉන්නවා...මේක අපි දෙන්නගේ කතාවක්...අනික මට අයිති දේවල් වලට අයිතිවාසිකම් කියන්න හදන්න එපා...!!

ටේහ්‍යුන් දත්මිටි කාගෙන කිව්වම මොකුත්ම නොදන්න ලිසා ටිකක් බය උනා...හිත හයිය කරගත්ත ජන්කුක් හොද හුස්මක් ගත්තා...මේ දේවල් ටේහ්‍යුන් දැනගන්න ඕනේ...

මේ ඉන්නෙ ලීසා...මං මැරි කරන්න ඉන්න කෙනා...

මැරි කරන්න? හහ්...මං කොහෙන්ද හිනාවෙන්න ඕනේ...?

ලීසා..මේ මිස්ටර් කිම් ටේහ්‍යුන්...මං දන්න අදුරන කෙනෙක්...

හහ්...දන්න අදුරන...? වාව් ජන්කුක්....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now