𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 19

3.5K 602 405
                                    

Morning 🌄🌄🌄

ජන්කුක් උදෙන්ම නැගිටලා exercise කරලා උඩට ආවා...තේහ්‍යුන් රූම් එකේ නිසා ජන්කුක් කිසි අවුලක් නැතුව උඩට ආවත් ජිමින් පහල ඉදන් ටේ ගාගෙන උඩට එනවා දැක්කම පඩිපෙලේ හිටපු ජන්කුක් ඉක්මනින් තේහ්‍යුන් ගෙ කාමරේට දිව්වා...ඉක්මනින් දොර වහගත්ත ජන්කුක් හිටියේ ජිමින් එනකම්...ඒත් තේහ්‍යුන් නම් රූම් එකේ පේන්න හිටියෙ නැ....

සින්දුවක් කිය කිය තේහ්‍යුන් ගේ කාමරේ ගාවට ආපු ජිමින් දොරට දෙපාරක් තට්ටු කරාම ජන්කුක් ලොකු කමෙන් දොර ඇරියා...

ඔයා ? ඔයා මොනාද ටේගේ කාමරේ කරන්නෙ ?

ඇයි ඔයාට මොකද ?

හහ්...කෝ හියුන්ග් ?

එයා නානවා...එයාටයි මටයි ලොකු වැඩක් තියෙනෙවා...දැන් යනවා...!!!

ජිමින් කට ඇරන් බලන් ඉද්දි ජන්කුක් ජිමින්ගේ මූනටම දොර දඩාස් ගාලා වහලා දාලා හිනා උනා....ඒත් තේහ්‍යුන් කාමරේ නැත්තේ ඇයි කියලා ජන්කුක් කල්පනා කරා...එලියේ හිටපු ජිමින් දොරට ගගහ බෙරිහන් දෙන්න ගත්තේ ඇතුලේ ඉදන් ජන්කුක් හිනාවෙද්දි....

ඒයි...ජුන්කුක්...මේ දොර අරිනවාආආආආ...!!

ඒයි...මං ජන්කුක්...!!! දොර අරින්නැ...පුලුවන් දෙයක් කරනවා...!!

යාහ්හ්හ්....ටේඒඒඒඒ....මේ දොර අරිනවාආආආආ....

ජිමින් දොරට තඩිබාන ගමන් කැගහද්දි ජන්කුක් බඩ අල්ලන් හිනා උනා...මේ අතරේ කිචන් එකේ ඉදන් ආපු තේහ්‍යුන් ට ජිමින් බෙරිහන් දෙන සද්දෙ ඇහුනම පඩිපෙල ගාවට ආවා...ජිමින් තඩිබාන්නෙ එයාගේ කාමරේ දොරට කියලා දැනගත්තම තේහ්‍යුන් කැගැහුවා....

ජිමින්...මං පහල...දොර කඩන්නද හදන්නේ ?

ආ හියුන්ග් පහලද...?

ජිමින් සතුටින් කියද්දි ඒක ඇහුන ජන්කුක් ඇස් ලොකු කරන් ඉදලා දොර අරින්න යද්දිම ජිමින් දොර එලියෙන් ලොක් කරේ ජන්කුක් දොර පහුරු ගාන ගමන් කැගහද්දි....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now