𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 34

2.1K 483 201
                                    

"I Grew a flower that can't be bloomed in a dream that can't come true "

මේ ඉන්නේ ඉතින් අපේ එකම හුරතලේ...ලීසා...

ලීසගේ ඔම්මා හිනාවෙලා කියද්දි ලීසා ලස්සනට හිනාවුනා...ඒ වෙලාවෙයි ජන්කුක් ඔලුව උස්සලා ලීසා දිහා බැලුවේ...දැක්ක ගමන් කෙනෙක්ට හිතෙන්නෙ ලීසා ගොඩක් ප්‍රසන්න කෙනෙක් කියලා...ඒ වගේමයි ජන්කුක් ටත්...ලීසගේ හිනාව අවංක ලස්සන හිනාවක්....

ජියෝන් හනා දෙන්නත් ලීසා එක්ක හිනාවුනා...ලීසට අකමැති වෙන්න කිසි හේතුවක් නැ...

කොහොමද දුව? ඇත්තටම ලීසා ගොඩක් ලස්සන වෙලා...

තැන්ක්‍යූ ආන්ටි...ආන්ටිලාට කොහොමද? ඇත්තටම සොරි...ටිකක් පරක්කු උනා...

අනේ ඒකට කමක් නෑ...දැන් ආවනේ...

ලීසා ලස්සනට හිනාවුනා...ලීසා ඩොක්ටර් කෙනෙක්...ලීසා කතා කරද්දි ජන්කුක් එක පාරක් බැලුවා...ජන්කුක් ගේ හිතට දැනුනේ වරදකාරි හැගීමක්...ටේහ්‍යුන් මේ දේවල් දැනගත්තොත් එයා මොනා කරයිද කියලා ජන්කුක් ට හිතාගන්න බෑ...

මේ දවස් ටිකේ වැඩ කොහොමද ඉතින්?

අවුලක් නැ අන්කල්...වෙනදා විදියමයි...

එහෙනම් හොදයි...

දෙගොල්ලො අතරේ කතාබහ ඇතිවෙද්දි ලීසා ජන්කුක් දිහා බැලුවත් ජන්කුක් දෙපාරකට වඩා ලීසා දිහා බැලුවේ නැ...මේ අතරේ ලීසගේ ඔම්මා ජන්කුක් ගෙන් ප්‍රශ්න අහන්න ගත්තේ ජන්කුක් මේ ලෝකේ සිහියට එද්දි...

ජන්කුක් මේ ලගදි නේද ආයෙ සෙන්ටර් එකට ආවේ කිව්වේ?

ඔව් ආන්ටි...මං හිටියේ මිස්ටර් කිම්ලගේ ගෙදර..

ඔහ්...මිස්ටර් කිම්ව අපි අදුනනවා...ඇත්තටම එයා ගොඩක් හොද කෙනෙක්...මිසිස් කිම් ඇරෙන්න...

ලීසගේ ඔම්මා කියද්දි ජන්කුක් ඉක්මනින් එයා දිහා බැලුවා...යූනා ගැන මෙන්ශන් වෙද්දි ජියෝන් හනා දෙන්නත් ඉහලට හුස්මක් අරන් ජන්කුක් දිහා බැලුවා...කාලෙ ගෙවෙන්න ගෙවෙන්න දෙගොල්ලොම අතරේ ඇති උනේ සුහදශීලි කතාබහක්...

ඉන්නකෝ...අපි මොනා හරි බීලා ඉමු...ඔය දෙන්නා ගාඩ්න් එකට යන්නකෝ...අපි කතා කරන්නම්...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now