𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 32

2.3K 499 176
                                    

( A/N : කතාව අමතක වෙලාද...😪๬)

ටේහ්‍යුන් ගෙන් ඈත් වෙන්න...

මිස් යූනා...?!!

යූනා කියපු දේත් එක්ක ජන්කුක් ගේ කදුලු පිරුන ඇස් ලොකුවුනා...යූනා හිස් බැල්මකින් ජන්කුක් දිහා බකන් ඉද්දි ජන්කුක් ට ඇඩුම පාලනය කරගන්න අමාරු උනා...ජන්කුක් ට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්...

ඔව්...මගෙ පුතාගෙන් ඈත් වෙන්න...කරුනාකරලා...

මං කොහොමද---

මට මේක කියන්න ජන්කුක්...ඔයාට ඕනෙ ටේහ්‍යුන් වෙන දරුවෙක් හදාගයන්නවා බලන්නද ? එයාගේ ලෙයින් පෝශනය නොවුන දරුවෙක්ට අප්පා කෙනෙක් වෙනවා බලන්නද ? තේහ්‍යුන් gay කියලා දැනගත්තම එයාගේ ක්ලයන්ට්ලා තව දුරටත් එයා එක්ක ඉදි කියලා හිතනවද ?

ජන්කුක් ට කිසි දෙයක් හිතාගන්න බැ...යූනා කියන දේවල් වල ඇත්තක් නැතුව නෙමේ...ඒත් ජන්කුක් කොහොමද ටේහ්‍යුන් ගෙන් ඈත් වෙන්නෙ? ටේහ්‍යුන් කියන්නෙ ජන්කුක් ගේ හැමදේම...ඒත් යුනා දැන් දන්නවා...යූනා ඒ දෙන්නට එකට ඉන්න නොදෙන බව දැන් ජන්කුක් දන්නවා...

ටේහ්‍යුන් homosexual කියලා හැමෝම එයාව පිලිකුල් කරනවා බලන්න ඕනෙද ? ටේහ්‍යුන් නෝමිනේට් උන award එක එයාට නැති වෙනවා බලන්න ඕනෙද ? එයා ඒකට කොච්චර මහන්සි උනාද කියන්න දන්නවද ? ටේහ්‍යුන් හැමදෙයක්ම නැති කරගන්නවා බලන්නද ඔයාට ඕනෙ ජන්කුක්...?

ජන්කුක් අඩන ගමන් ඔලුව දෙපැත්තට වැනුවා...ටේහ්‍යුන් ගේ සතුට වෙනුවෙන් ජන්කුක් ඕනෙම දෙයක් කරනවා...ඒත් ටේහ්‍යුන් ගෙන් ඈත් වෙනඑක...ජන්කුක් ට කරන්න තියා කරන්න හිතන්නවත් බැරි දෙයක්...

යූනා කියපු දේවල් මනසේ දෝංකාර දෙද්දි කදුලු පිහිදන් ලොකු හුස්මක් ගත්ත ජන්කුක් ඇගිලි මිරිකමින් කල්පනා කරලා යූනා දිහා බැලුවා...ජන්කුක් ගේ රතු උනු ඇස් දිහා යූනා තවත් බලන් හිටියෙ නැ...

ම්..මං මොකද්ද කරන්න ඕනෙ...?

ටේහ්‍යුන් ගෙන් ඈත් වෙන්න...ඒ විදිය මං දන්නෙ නැ ජන්කුක්...ඔයා ටේහ්‍යුන් ට ඇත්තටම ආදරෙයි නම්..එයාට හොදක් වෙන්න ඕනෙ කියලා හිතනවනම්...එයාගෙන් ඈත් වෙන්න...ප්ලීස්...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now