𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 37

2.4K 527 420
                                    

ටේහ්‍යුන් ගෙනත් දීපු කෑම එක කාලා ඇදේ දිගා වෙලා බඩ අතගගා හිටපු ජන්කුක් ටිකක් කල්පනා කරා...වෙච්ච දේ එයාටවත් හිතාගන්න බෑ...වටපිට බලපු ජන්කුක් ඉක්මනින් ඇදෙන් බැස්සා...කොහොම හරි දැන් මෙතනින් එයා පැනගන්න ඕනෙ...

ආහ්!! ඉස්සෙල්ලාම බලමු ජනේලෙන් පනින්න...

Survival film වල වගේ මං දැන් හැසිරෙන්න ඕනෙ...කොහොම හරි..මං මෙතනින් බේරිලා ගිහින් මානව හිමිකම් එකට යන්ඩ ඕනේ...!!

ජන්කුක් ඉක්මනින් ආවේ කාමරේ ජනේලේ ගාවට...ජන්කුක් ගේ තොල් වල සෙල්ලක්කාර හිනාවක් මැවෙද්දි ඒ ජනේලේ එක පාරින් ඇරුනා...ඒත් ජනේලෙන් එබිලා බැලුවමයි ජන්කුක් ගේ මූන දෙක උනේ...එතනින් පැන්නොත් ඉතුරු වෙන්නෙ එයාගේ dead body එක තමා...

ඉක්මනින් ජනේලේ වැහුව ජන්කුක් දුවන් ආවේ බැල්කනි එකට...බැල්කනි එක ඔක්කොටම වඩා හපන්...ඇරත් ජන්කුක් ට දැන්මම නිකරුනේ මැරෙන්න ආසාවක් නෑ...ජන්කුක් බලාපොරොත්තු කඩ කරන් ආයෙත් කාමරේටම ආවේ ඔලුව කසන ගමන්...

ආහ් දැන් මොකද කරන්නෙ? වොශ් රූම් එකේ ජනේලෙන් පැනගමු...

ජන්කුක් වොශ් රූම් එකට දුවන් ඇවිත් වොශ් රූම් එකේ ජනේලේ දිහා බැලුවා...ඒකෙන් එයාට ඔලුව දාන්නවත් බෑ...අඩි හප්ප හප්ප කාමරේට ආපු ජන්කුක් ඇදෙන් ඉදගත්තේ කේන්තියෙන් තොල් උල් කරන්...

හරි...මේ වගේ වෙලාවක අපි කරන්ඩ ඕනෙ කොහොම හරි දොර කඩාගන්න එක...!!

ඇදෙන් නැගිට්ට ජන්කුක් හොද හුස්මක් අරන් දොර ගාවට ආවා...ටේහ්‍යුන් එලියෙන් දොර ලොක් කරලා...ඒ කියන්නෙ ජන්කුක් දැන් ලොක් එක කොහොම හරි කඩන්ඩ ඕනේ...ටිකක් කල්පනා කරපු ජන්කුක් දෙයක් හෙව්වේ ලොක් එක කඩන්න...

ආහ්හ්...කිසි දෙයක් නෑනෙ!! කිම් ෆකින් ටේහ්‍යුන් එන්න කලින් මං පැනගන්න ඕනෙ...

හැමතැනම අවුස්ස අවුස්ස ජන්කුක් හෙව්වේ ටිකක් බර දෙයක්...අන්තිමේට ජන්කුක් ට හම්බුනේ බර වීදුරු බෝතලයක් විතරයි...ඒකෙන් ලොක් එක කඩන්න ගියොත් තුවාල වෙන්න පුලුවන් නිසා ජන්කුක් ආයෙම කල්පනා කරා...

හිතන්න කුකී...ආහ් හරිනේ...වේගෙන් දුවන් ගිහින් දොරට පනිමු...අර ෆිල්ම් වල වගේ එක පාරින් ඇරෙයි...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now