𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 50

2.9K 477 369
                                    

පැය බාගෙකින් වේගෙන් ආපු වාහන දෙක නැවතුනේ අවෝඩ් සෙරමනි එක තිබ්බ ග්‍රෑන්ඩ් හොටෙල් එක ගාව...පරක්කු නොකරම ඔක්කොම ඉක්මනින් ඇතුලට ආවා...කිම් හොටෙල් එක ඉස්සරහට වෙලා හිටියේ ජන්කුක් ටේහ්‍යුන් එනකම්...ජන්කුක් ව දැක්කම කිම්ට ආවේ ලොකු සතුටක්...

අනේ...ගූකී...

කිම් බඩී....

ජන්කුක් හිනාවෙලා කිම්ව හග් කලා...ජන්කුක් ගෙයි ටේහ්‍යුන් ගෙයි affair එක ගැන කිම් තරම් සතුටු උනු කෙනෙක් නෑ...ජන්කුක් ගේ කම්මුල් මිරිකපු කිම් සතුටින් හිනා උනා...

ඔයා හරි නරකයි ගූකි...අඩුම මේ බඩීට ඕක කියන්න තිබ්බනේ...

සොරී බඩී...

හරි හරි...අපි පස්සෙ කතා කරමුකෝ...ඔහ් මිස්ටර් ඇන්ඩ් මිසිස් ජොන්...එන්න එන්න...

ජොන්වයි හනාවයි සාදරෙන් පිලිගත්ත කිම් ඒ දෙන්නවම හග් කලේ සතුටින්...තව ටික දවසකින් ඒ අය නෑදෑයො වෙන්නයි යන්නෙ...

කොහොමද සර්...?

අයියෝ...සර් කියන්න එපා...අපි නෑදෑයෝ වෙන්නන්නෙ ඉන්නෙ...නේද ගූකි?

හුම්...ඔව්නේ...

හරි හරි...ඔක්කොටම කලින් පරක්කු නොකර ඇතුලට යන්...එන්න...

කිම් එක්ක ඉක්මනින් කට්ටියම ඇතුලට ආවා...ඒත් ඇතුලේ යූනා හිටියේ නෑ...ටේහ්‍යුන් බැලුවේ ඔම්මා කෝ කියලා...යූනා හෝල් එකේ කොහෙවත් හිටියේ නෑ...ඉදගත්ත ටේහ්‍යුන් කිම්ට කතා කරා...

අප්පා...ඔම්මා කෝ?

ආහ්...මං බැන්න නිසා එයා තරහා වෙලා ගෙදර ගියා...ඒකට කමක් නෑ...එයාත් පාඩමක් ඉගෙන ගන්න ඕනිනේ...

හ්ම්ම්...හරි අප්පා...

ඒ කට්ටිය ආවේ නියම වෙලාවට...ටේහ්‍යුන් නෝමිනේට් උන අවෝඩ් එක announce කරන්නයි ලෑස්ති වෙන්නෙ...ටේහ්‍යුන් ටිකක් නොසන්සුන් උනා...ටේහ්‍යුන් ගේ ප්‍රොජෙක්ට් එකත් නැති වෙලා තියෙද්දි මේ අවෝඩ් එකත් එයාට නැති උනොත්...ටේහ්‍යුන් ට ඒක කොහොමත් දරාගන්න අමාරු වෙයි...

ටේහ්‍යුන් ඉන්නෙ කලබලෙන් කියලා දැක්ක ජන්කුක් ටේහ්‍යුන් අත අරන් එයාගේ අත් වලට මැදි කරගත්තා...ටේහ්‍යුන් ජන්කුක් දිහා බලලා ලාවට හිනා උනා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now