𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 33

2.3K 499 110
                                    

රෑ අඩලා අඩලා පාන්දර නින්දට වැටුන ජන්කුක් හිමින් එයාගේ ඉදිමුනු ඇස් දෙක ඇරියා...ඇහැරුන ගමන් ජන්කුක් ට මතක් වුනේ ටේහ්‍යුන් ව...නිදාගෙන ඉද්දි නැතිවුනු වේදනාව ආයෙ ටිකෙන් ටික ජන්කුක් ට දැනෙද්දි ආයෙත් පාරක් ඒ චූටි ඇස් වල කදුලු අලුත් උනා...

ටිකක් වෙලා ඉදලා අමාරුවෙන් කදුලු නවත්තගත්ත ජන්කුක් ඇදෙන් නැගිට්ටා...ජන්කුක් ගේ ඇගට පනක් නැ...අඩලම ජන්කුක් හෙම්බත් වෙලා...ටවල් එකත් අරන් වොශ් රූම් එකට ආපු ජන්කුක් ශවර් එක යටට ආවත් අඩන්න ගත්තා...කොච්චර උත්සාහ කරත් අඩන එක නවත්තගන්න ජන්කුක් ට බෑ...

පැයක් විතර වොශ් රූම් එකේ හිටපු ජන්කුක් කාමරේට ඇවිත් ලෑස්ති උනේ එයා වැඩ කරපු තැනට යන්න...health care center එකට...ෆෝන් එක දිහාවත් නොබලපු ජන්කුක් හොද හුස්මක් අරන් විනාඩි විස්සකින් ලෑස්ති වෙලා පහලට ආවේ හනා ජියෝන් දෙන්නා මූන හදාගද්දි....

ගුඩ් මෝර්නින් පුතේ...

මෝර්නින් ඔම්මා...

ඉදගන්නකෝ...ඔයා ආසම කෑම හැදුවා...

ලාවට හිනාවුන ජන්කුක් ඉදගත්තත් ඔම්මයි අප්පයි දිහා ජන්කුක් කෙලින් බැලුවේ නැ...ඒදෙන්නා දිහා බැලුවොත් එයා ආයෙ අඩයි කියලා ජන්කුක් බය වුනා...ඔම්මයි අප්පයි ඉස්සරහ එයාගේ කදුලු හංගන්න ජන්කුක් ට ඕනි උනා....

හනා ප්ලේට් එක ලං කරාම ජන්කුක් උඩින් පල්ලෙන් කන්න ගත්තත් එයාගේ හිත කැගහලා ඇඩුවා...ටේහ්‍යුන් මොනා කරනවද..? එයා කාලද? එයා හොදින්ද? මේ ප්‍රශ්න ජන්කුක් නිහඩවම එයාගේ හිතත් එක්ක ඇහුවා...

කුකී අද සෙන්ටර් එකට යනවද...?

හ්ම්ම්...

ඒක හොදයි...

ආ...ඔම්මා...

ඇයි කුකී...?

අර බැලුවා කියපු ගර්ල්ව මං හම්බෙන්න කැමති...ඔයාලා කතා කරන්න...

කෑම කටවල් දෙකක් කාපු ජන්කුක් පුටුවෙන් නැගිටලා එතනින් ගියාම හනා ජියෝන් දෙන්නා මූනෙන් මූන බලාගත්තා...ජන්කුක් ගේ හැසිරීම වෙනස්...ඇරත් ඒ ගර්ල්ව බලන්නවත් ජන්කුක් කැමති වෙයි කියලා හනා හිතුවේ නෑ...හනා ජියෝන් දිහා ගොඩක් අසරනව බැලුවා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now