🌻 Chapter 02 🌻

6.1K 885 269
                                    

semini28 අක්කා ගානෙ පුංචි ගිෆ්ට් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

semini28 අක්කා ගානෙ පුංචි ගිෆ්ට් එකක්....❤ ඒක ලස්සනයි අක්කෝ🌷❤❤❤

⏰⏰⏰

ඒලාර්ම් එකේ සද්දෙට මන් තව ටිකක් බෙඩ් ශීට් එකට ගුලි උනේ නැගිටින්න කම්මැලිකමේ...... අම්මා ඉදිය නම් පස්සට පාරක් දීලා ඇහැරවන හැටි මතක් වෙලා මගේ මුණට ආවෙ හිනාවක්....

විනාඩි පහක් විතර ඇදේ ඉදල මන් නැගිට්ටෙ පරක්කු වෙන නිසා.... දැන් වෙලාව පහමාරයි....හයහමාරට බස් එක අල්ලගන්න යන්න ඕනෙ....හතහමාරට කලින් ස්කොලෙට යන්නත් එපැයි.....

ඊයෙ රෑ උයපු කරවල බැදුමෙන් බාගයක් ඉතිරි වෙලා තියෙද්දි අල ටිකක් සුද්ද කරල අරන් මට උදේටයි දවල්ටයි දෙකටම ඇති වෙන්න ලිපේ තියල ඒක පැහෙනකන් මන් කිරි එකක් හදාගෙන බිව්වෙ ඉක්මනට ලෑස්ති වෙන ගමන්......

ගෙදරින් ගෙනාව කෑම පෙට්ටියට බත් චුට්ටක් බෙදාගෙන ඒකටම ව්‍යාංජන ටිකත් බෙදාගෙන සර්වියට් එකකින් ඔතල බෑග්ගෙට දාගත්තා.... කොහොම හරි හයයි විස්ස වෙද්දි මට ඉක්මනට ඇද්ගෙන එළියට බහින්න පුලුවන් උනා....මන් ඉක්මනට ඉතුරු අඩි ටික ගෑටුවේ බස් එක මිස් වෙයි කියල බයෙන්......

විනාඩි කාලක විතර ගමනකින් පස්සෙ බස් එකෙන් බැහැලා මන් අත්‍යවශ්‍ය වැඩ වගේකට බැංකුවටත් ගිහින් ස්කොලෙට යන්න හදද්දි මන් දැක්කෙ බස් ස්ටෑන්ඩ් එකට වෙලා කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් ඉන්න මගේ ක්ලාස් එකේ නඩේ ගුරාව.....

ම්ම්ම්....ඔය ඉන්නෙ අනික් හිපාටුවො සෙට් එකත්.....

ඊයෙ වගේ ඌ එක්ක ඉදිය අනික් කොල්ලො සෙට් එකත් ඒ අවටම මුළු ගැන්විලා ඉන්නෙ හතහමාර කිට්ටු වෙලත් ස්කොලෙට එන්නැතුව.....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now