🌻 Chapter 43 🌻

4.2K 721 158
                                    

.
.
.
.
.

" චූටි අයියේ........ නැගිටින්න........"

" ම්ම්ම්........"

" ගෙදර ආවා අපි........"

මන් ලාවට ඇස් අරිද්දි දැක්කෙ මගේ මූණට එබිලා උන්න ශාන්ව....

" ඔ...ළුව ....රිදෙනවා ....."

ඇස් දෙක තදින් පියාගන්න ගමන් මන් කිව්වෙ....

" පෙනඩෝල් එකක් බොමු....දැන් යන් ඇතුළට....."

එයා වාහනෙන් බැස්සෙ එහෙම කියාගෙන.....මාත් වාහනෙන් බැහැලා බැලුවෙ අඩ අදුරක් පැතිරුණ අහස දිහා....වෙලාව පහට හයට වගේ ඇති ......

" එකේකාට වෙන වෙනම මන් බුලත් දෙන්න ඕනෙද අනුක් ! ඊයෙත් කිව්වා අද ගෙදර ඉන්න ඕනෙ කියල ....."

ගෙට යද්දිම සීයා පපාගෙ කටහඩ දෝංකාර දෙද්දි මන් බිම බලාගත්තෙ ෂෙරිල් අම්මා මට රවද්දි...

" සොරි සීයා පපා.... අයිය ඉදියෙ මූඩ් ගහල නිසා ඇවිදින්න එක්කන් ගියා...."

" මෙයාලා ඇවිදින්න තිස්සමහරාමෙටම ගිහින් පපා....."

ෂෙරිල් අම්මා කිව්වෙ පෝන් එක ඔබන ගමන් මන් දිහා ලාවට බලලා...

ඇයි මෙයාලගෙන් කාටවත් බැරි අඩුම තරමෙ මන් කෑවද කියල වත් අහන්න.....

උදේ දවසටම බඩට වැටුනෙ ශාන්ගෙ කොෆී එක විතරයි .... මේ ගෙදර ශාන් ඇර මන් ගැන හොයන්න එකෙක් වත් නැති කොට මන් ඇයි මේ ගෙදර දරුවෙක් විදියන ඉන්න ඕනෙ....

අඩුම ......මගේ twin වත් මන් ගැන හොයන් නැති කොට.....

" මිස්ටර් සමරවික්‍රම .....ශාන්ගෙනුයි අනුක්ගෙනුයි සයින් එක අරන් සේරම Close කරන්න ....."

මේසෙ ඉදගෙන උන්න ලෝයට සීයා පපා කියද්දි ශාන් මට ඇස් වලින් කිව්වෙ එතනට යන්න කියල ......

" අනුක්ට සයින් කරන්න තව වෙලා තියෙනව...ශාන් ඔයා සයින් කරන්න ....."

සීයා පපා කියද්දි ශාන් ගිහින් එයාගෙ properties වලට සයින් කළේ එතකොටම වගේ දොර ළගින් ස්ටෙෆාන් වගේම දේශ් මතු වෙද්දි.....

" පපා !!"

ෂෙරිල් අම්මා මෙහෙන් පටන් ගනිද්දි ස්ටෙෆාන් මගේ මූණ දිහා බලන් ඉදියෙ ආදරෙන්..... එක අතකට පව්.... මාත් මේ ගෙදර අනික් මිනිස්සු වගේ ඒ මනුස්සයට කෑ ගැහුවා..... ඒත් ඒ මනුස්සයා නෙමෙයිද මේ සේරටම වැරදි..... අම්මා කිව්වා හරි මොන දේ උනා නොවුනා මට ඒ ගැන කතා කරන්න අයිතියක් නැ..... අප්පච්චී තරම් දැනුනෙ නැති උනත් ඒ මනුස්සයට ගරු කරන්න මන් දැනගන්න ඕනෙ.....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now