🌻 Chapter 66 🌻

4.4K 707 642
                                    

" ආදර මල් වල....පාට කියන්නද.......
මේ වගේ ලස්සන..... තව නෑ.......
මේ වගේ ලස්සන .......තව නෑ.....
මීදුම් පිණි පොද.....
දෑස වසන් කළ.....
සමනල් සිහිනය.....
පිපුනා......
සමනල් සිහිනය පිපුනා......."

ඒ දෑස් පියවෙලා ගිටාර් එකේ තත් උඩ ඇගිලිතුඩු ගමන් කරද්දි මන් බලන් ඉදියෙ එයා දිහා....

අද කවද්ද කියල මන් දන්නැ..... දැනගන්න උවමනාවක් මට නැහැ.... දැනගත්තත් වැඩකුත් නැහැ.....

අම්මා ගෙදර ඉන්නවට වඩා කරන්නෙ අඩන එක.....ශාන් මතුපිටින් හිනාවෙලා ඇතුළතින් අඩනව...... කොච්චර මන් ඉස්සරහ හිනාවෙලා ඉදියත් මහ රෑට හැමදාම බියර් ටින් එක අරන් එයා බැල්කනි එක උඩ තනි වෙනවා.....

වෙනද වගේ ආදරයෙන් මගේ මැණික කියල ඔළුව අතගාන්න තියා ඇදෙන් බහින්න කකුලක් වත් උස්සගන්න බැරි මන් එයාගෙ වේදනාත්මක කටහඩ අහන් නිහඩවම ඉකි බිදිනව....

" දේදුනු රේඛා...
දෑසම තවරා
තවමත් සිහිනය.....
බලා සිටිනවා.....
මීදුම් තවරා සුළගක....
ඈතක සගවා....තුන්සිත....
දෑස හොරෙන් ඈත සොයනවා.......
අදුර මැදින් එන්න සදලියේ......

දේදුනු සායම
දෑස බොද් කල
මාලති යායක හැලිලා....
මාලති යායක හැලිලා....
සීතල හිම කදු.....
යාය පිය මැන.....
දෙව්ලිය සිහිනෙට...වැඩියා....
දෙව්ලිය සිහිනෙට වැඩියා......."

එයා දෑස් ඇරල මන් දිහා බලද්දි ඉස්සර අර පුංචි ගෙදර දොරකඩ ඉදන් හිනාවෙනවා වගේ මන් හිනා උනා.....

එයා මගේ නළල සිපගෙන මගේ නළලට එයාගෙ නළල තද කරගත්තා...

" ඉක්මනට .....මගේ... හීනෙට එන්න චූටි අයියේ.... "

ලොකු වේදනාවක් හිර කරන් එයා කිව්වෙ මට හීල්ලෙද්දි....

ඒත් එක්කම කවුරුහරි දොරට තට්ටු කරද්දි මගේ කම්මුලක් ඉඹලා එයා ගිහින් දොර ඇරියා...

" මේ.....පින්න තෙල් වගයක් පුතේ..... කකුල් වල ගාන්න......"

අඩලා ඉදිමුණ දෑස් වලින් අම්මා කාමරේ ඇතුළට ආවෙ ශාන් දොර වහලා දාද්දි.....

" සුදු මහත්තයෝ....."

අම්මා මගේ ඔළුව අතගෑවෙ ශාන් අම්මට පුටුව ඇද ළගට ගෙනත් දෙද්දි....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now