🌻 Chapter 27 🌻

5.6K 798 181
                                    

.......

දෙයියනේ ..........!!

මේ......

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සෙව්දේශ් තමයි !!!!!

ඒ ටැටූ එක එහෙන්මම මෙයාගෙ පිටේ තියෙනවනේ......

" තමුසෙ මොකද ඔය කරන්නෙ ???"

" ආහ්හ්හ්........"

කන ළගින් ඇහුන කටහඩට ගැස්සුන පාර මන් අනික් පැත්ත හැරුනෙ බූතයා වගේ හිටන් උන්න ශාන්ගෙ ඇගේ හැපිලා මාව ඇද උඩට විසි වෙන්න යද්දි...

ඉන වටේ අත දාලා මාව ළගට ඇදල ගත්ත ශාන් මන් දිහා බැලුවෙ පොලිසිය හොරෙක් දිහා බලනව වගේ.....

" මම්...මම්...ම......මේ...."

" මම් මම් මම් මම් නෙමේ....මෙහෙ එනවා....ඔය මනුස්සයට පාඩුවේ නිදාගන්න දීලා....."

මගේ අතින් ඇදන් එයා සාලෙට ආවෙ කියන්න බොරුවක් මන් දහ අතේ කල්පනා කරද්දි....

" හ්ම්.....දැන් කියනව.....මොන මගුලටද අයියගෙ කාමරේ අස්සට රිංගුවෙ ??"

" අයියා ???"

" shut up ! අහපු දේට උතතර දීලා ඉන්නවා...."

" ආහ්....අයියා....අයියා.... අයියාගේ....කාමරේට .....ගියේ......ම්ම්ම්....."

" ඉතිං ???"

" කැරපොත්තෙක් !!"

ශාන් ඇහිබැම රැලි කරලබැලුවෙ මන් දිහා....

"ඔව්....කැ.....කැරපො....ත්තෙක්...!!"

" කැරපොත්තෙක් ? සෙව්දේශ් අයියගෙ ටී ෂර්ට් එක අස්සෙ ???"

ආයිශ්.....ඇයි දෙයියනේ ස්කොලෙ යන කාලෙ දැනටත් ජීවත් වෙලා ඉන්න   ආච්චිව සිය වතාවක් මරල පනස් වතාවක් දානෙ දුන්න මට හරියාකාර බොරුවක් කියාගන්න බැරි උනේ.....

" ටී ෂර්ට් එක අස්සෙ උන්නද කියල මන් දන්නෑ ඉතිං .....හුහ්..."

ගස්සල දාලා වගේ මන් එන්න ආවෙ ශාන් මගේ වැලමිටෙන් ඇදල අරන් ආයෙ එයාගෙ ඉස්සරහට ගනිද්දි....

" ඇත්ත කියනවා චූටි අයියේ ?? තමුසෙ දැක්කා එයාගෙ ටැටූ එක......??? ම්ම්....."

මන් ඇස් ලොකු කරන් බැලුවෙ ශාන් දිහා....ශාන් කොහොමද දන්නෙ මන් හෙව්වෙ සෙව්දේශ් ගෙ ටැටූ එක කියල ....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now