🌻 Chapter 08 🌻

5.5K 860 180
                                    

🔊 " Good affternoon All of you....My name is madhusha kalhara from meadia unit of #### collage.....අද අප පාසලේ ගණිත අංශය වගේම විද්‍යා අංශය මෙතනට රැස් වෙලා ඉන්නෙ අපගේ ඉදිරි වැඩ කටයුතු කිහිපයක් සිදු කරගෙන යාම සදහා 2022 වර්ෂය සදහා අප අසලේ විද්‍යා සංගමය පත් කරගැනීමටයි...."

අද සදුදා දවසක් .... ස්කෝලෙ අරින්න ඔන්න මෙන්න ටයිම් එකේදි සෙනෙවිරත්න සර් ළමයි එක්ක මීටින් එකක්ගත්තෙ අත්‍යාවශ්‍ය දෙයක් කතා කරන්න ඕනෙයි කියල ..... science maths සෙක්ෂන් වල 13 වසරෙ ළමයි සේරම අද assembly එක ඉස්සරහ හිටන් ඉදියෙ මමත් අනුර එක්ක පැත්තකට වෙලා ඉද්දි....

" මට බෑ හු## කියනෙක අහපන්..."

" වරෙන් වරෙන්...උඹව තමයි මේකට ගැළපෙන්නෙම...."

ඒ අස්සෙ සුපුනුයි විශ්වයයි ගිහින් මහා අපතයා ශාන්ව අතින් ඇදගෙන එන්නෙ ඌ බෑබෑ කිය කිය කුණුහරප වැලක් අතාරිද්දි.... අද ඕකා ස්කොලෙ ආවෙත් නෑ.....ඇයි මුන් මේ මූව තකහනියක් ඇදන් එන්නෙ....

මන් රවාගෙනම බලන් ඉද්දි සුපුනයි විශ්වයයි කැත හිනාවක් දාලා ශාන්ව ඇදන් ගිහින් හිටගත්තෙ 13 G පේලිය පිටිපස්සෙ ....

" මුලින්ම 2022 විද්‍යා සංගමය සදහා සභාපති කෙනෙක් පත් කරගැනීමට ඔබටයි අවස්ථාව...."

Meadia එකේ කොල්ලා කියද්දි හැමෝම එක වර හැරිලා බැලුවෙ ශාන් දිහා....

" එපා හු#න්නෝ.....මට බෑ.....!!"

ඇස් හීනි කරන් ඌ දිහා බලපු සේරෝටම ශාන් කිව්වෙ හෙමීට ....

" ඒකටම තමයි මේ උඹව කුදලගෙන ආවෙත්...."

" sir...I would like to suggest zhan abewickckrama ...."

ශාන්ගේ බාධා කිරීම් මැද්දෙ එහෙම කිව්වෙ නෙතුජ.....

" Also me..."

" Also me sir....."

" fu#k.....!"

පිටිපස්සෙ ඉදන් ශාන් සෙනෙවිරත්න සර්ට නෑහෙන්න කිව්වෙ කේන්තියෙන් ... යකූ මූට ස්කොලෙම තීන්නෙ පුදුම ඉල්ලුමක් නෙ...බයෝ එකෙන් මැත්ස් එකෙන් දෙකෙන්ම කොල්ලෝ සභාපති විදියට යෝජනා කළේ උගේ නම......

" හොදයි ......තවත් යෝජනා තියෙනවද ?"

Meadia එකේ කොල්ලා ඇහුවෙ කවුරුත් පන්ති නවයෙන් වෙන එක ළමේක්ගෙ වත් නමක් යෝජනා නොකරද්දි....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now