🌻 Chapter 30 🌻

6.2K 813 199
                                    

" මෙතන හරිම ලස්සනයි ශාන්.....කියන්න තේරෙන්නෑ....!"

" vacation එකකට සිංගපූර් ගිය වෙලාවක අපි නැවතිලා ඉදිය හොටෙල් එකේ උඩම තිබ්බෙ බෝට් එකක්...ඒ හොටෙල් එක බිල්ඩින් තුනක්.....ඒ උඩ තමයි බෝට් එකක් විදියට rooftop pool එකක් හදල තිබ්බෙ....ඒක නම් පට්ට ..... දවසක ඔයාව එක්කගෙන යන්නම්...."

" අනෙ මට ඕවා ඕනැ නැ..... "

" ඇයි ?"

" මේ තියෙන දේන් සතුටු වෙන්න මට පුලුවන් ශාන්..... මේ දේත් මට මහ මෙරක්....."

ශාන් මාව වැළදගෙන කම්මුල සිපගත්තෙ එතන තදින් හපන ගමන්....

" බියර් එකක් බොමු....."

එහෙම කියල එයා පීනගෙන එහා කොනට ගියේ මහ බේබද්දා දැනටමත් වැඩ පටන් අරන් ඉද්දි....

" ගොඩක් සැර ඒවා එපා...."

ශාන් මගේ අතට වීදුරුව දෙද්දි මන් කිව්වෙ පූල් එකෙන් එලියට ඇවිත් පුටුවක වාඩිගන්න ගමන්...

" සැර නෑ... ස්ප්‍රයිට් දාලා ඔයාට වෙනම එකක් දේශ් අයියා හැදුවා....."

" තැන් කූ...."

හිනාවෙලා මන් ග්ලාස් එක අතට ගත්තෙ ඒ දෙන්නා නම් දැනටමත් වැඩ පටන් අරන් ඉද්දි....

" දේශ්ගෙ boyfriend නුත් මෙතන ඉදියා නම් හරි ......"

හාන්සි වෙන්න වගේ හදල තිබ්බ පුටුවෙ හාන්සි වෙලා උන්න ශාන්ගෙ ළගින් වාඩිගෙන ඇගට හේත්තුවක් දාන් මන් කිව්වෙ ශාන් මගේ ඉන වටේ අත යවල බදාගනිද්දි....

" එයා ඩ්‍රින්ක් ගන්නවට ....විරුද්ධයි නෙහ්....."

සෙව්දේශ් කිව්වෙ මූණ ඇඹුල් කරන්....

" ජාති ජාතිත් මුණ ගැහෙන්න ඕනේ මේ....වගේ වයිෆිලා....."

මගේ වීදුරුවට තට්ටුවක් දාලා එයා කිව්වෙ ඉන වටේ අතක් ගෙනියලා....

.
.
.

" ශාන්න්......."

එකා දෙකා වෙලා පේන්න ගනිද්දි දෙතුන් පාරක් මන් අන්තිම අඩිය ඉතුරු උන වීදුරුව ඉඹල බැලුවෙ අමුතු නිසා.....

" ම්ම්......."

" මොනාද මේ ??"

" බියර් නෙහ්....ඇයි ?"

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now