🌻 Chapter 13 🌻

5.5K 827 154
                                    

" දෙයියනේ .....!"

ශාන් මන් දිහා බැලුවෙ හිනාවෙලා...

" ඒ ඉන්නෙ මගෙ ලොකු නැන්දා...."

චන්දෘකා නිශාන්ති අබේවික්‍රම..... Kingsford Hotel ජාලයේ අධිපතිනි.... අහල තියෙන විදියට මීට අවුරුදු ගානකට කලින් එයා අතුරුදහන් උනාලු....බොහොම ළාබාල වයසකින් බිස්නස් වර්ල්ඩ් එක ජයගත්ත එකම ශ්‍රී ලාංකික කාන්තාව විදියට එයා හුගාක් ප්‍රසිද්ධයි.....

" ශාන්....මන් දැනන් ඉදියෙ නෑ එයත් ඔයාලගෙ ෆැමිලි එකේ කෙනෙක් කියල ...."

ඇත්තටම මන් පුදුම උනා......

" ම්ම්..... මගේ ජිවිතේ මන් අහල තියෙන ධෛර්‍යවන්තම ගැහැණිය මගෙ නැන්දා...."

" ශාන් මන් අහල තියෙන  විදියට ඒ ගෑණු කෙනා අතුරුදහන් වෙද්දි මන් ගොඩාක් පොඩී... හැබැයි මට දවසක් අම්මා කිව්වා මුළු රටම කැලඹුනාලු ඔය සිද්ධියට.... ඒත් එතකොට ඔයා ඉපදිලත් නැතුව ඇති ...."

ශාන්ගෙ හිස පිරිමදිමින්ම මන් කිව්වෙ පුදුමෙන්.....

" හ්ම්....... එයාව දකින්න මට වාසනාවක් තිබිලා නැ....."

ශාන් එහෙම කිව්වෙ පෝන් එක අතට අරගෙන....

" ඔයා එයාව දැකල තියෙනවද??"

" ම්හ්ම්....."

ශාන් මට පෙන්නුවෙ එයාගෙ පොටෝ එකක්..... මගේ ඇස් ලොකු උනේ ඒ ගෑණු කෙනා මෙච්චරටම ලස්සනයි ද කියල හිතෙද්දි....

 මගේ ඇස් ලොකු උනේ ඒ ගෑණු කෙනා මෙච්චරටම ලස්සනයි ද කියල හිතෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේ එයාගෙ ජිවිතේ ලස්සනම අවුරුද්ද.... World Grand  buissnessmen award එකට ගැහැණු කෙනෙක්ගෙ නම නිර්දේශ උන පළවෙනි වගේම අවසාන අවුරුද්ද.... "

මන් පෝන් එක අතට අරන් බලන් ඉදියේ ඒ පොටෝ එක දිහා.

" ඒ කාලෙ එයා ගොඩාක් ලස්සනයි ...."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now