🌻 Chapter 19 🌻

5K 811 157
                                    

පැය දෙක ගෙවිලා ගිහින් දානෙ දවස උදා වෙද්දි උදේ ඉදන් අපි උයන්න කෝකියට උදව් කළේ දහයට පන්සලේ හාම්දුරුවො වැඩම්මවන නිසා ......

නවය කිට්ටු වෙද්දි ගොඩාක් දුරට කෑම සේරම හදල ඉවර වෙලා තිබ්බ නිසා මිනිස්සුන්ට දෙන රයිස් එකේ එළවළු වගයක් මන් කපමින් උන්නෙ මට එහා පැත්තෙ ඉදන් ශානුත් ලීක්ස් වගයක් කපද්දි....

කොහොම උනත් ශාන්ට උයන්න කරන්න පුලුවන් කියල මට තේරුනේ එයා අපිට උදව් පදව් කරපු විදියෙන්ම.....

" චුටි අයියේ "

" ම්ම්ම්....ඌහ්හ්....."

ළග උන්නු කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉදල ශාන් ඇවිත් පිටිපස්සෙන් මගෙ කනක් විකලා අල්ලගත්තෙ මට තරු පේද්දි......

" නිකන් ඉන්නවකො වදේ....."

ශාන් කටින් මගේ කන අත නොඅරිද්දි ශාන්ගෙ අතට වැලමිටෙන් ඇනලා මන් කිව්වෙ ඒකා ඒ ගමන කන් පෙත්ත සූප්පු කරද්දි.......

" මොකද මොකද දැන් ඔය ආ...."

" චුට්ටක් ඉම්බා කියල ගේමටම එන්න ඕන්නෑ චූටි අයියේ...."

මගේ ගෙලට මූණ ඔබන් ශාන් කිව්වෙ මන් ඔරවගෙනම එළවළු ටික කපද්දි....

" එහාට වෙලා ඉන්නවකො ශාන්..... එල්ලෙන්නම එන්නෙ..."

" ආ දැන් චූටි අයියගෙ ඇගේ එල්ලෙන්න වෙන කෙනෙක් ඉන්නවද මන් ඇර.....ම්ම් ??"

" අනේ උම්බට ඉතිං ....."

" චූටි අයියේ??"

" ම්ම්......."

" ට්‍රිප් එක අනිද්දා නෙහ්...."

" ම්ම්........."

" යනව නෙහ්..."

" අනේ මට බෑ ශාන්....ඕවයෙ ගියාම හරි මහන්සී...... කවුරුහරි ගස් බල්ලෙක් මට සල්ලිත් ගෙවල තිබ්බා...."

ශාන්ගෙ මූණ දෙක වෙනවා මන් හොරැහින් බලාගෙන කියල දැම්මෙ හිනාව කාගෙන...

" දැන් යන්න බැයිද ? බෑ නම් බෑ කියනවා වටේ යන්නැතුව "

" හහ්.....බෑ කියල තමයි ඉතිං මේ කියන්නෙ ? මොකද තමුසෙට ඔච්චර ඩෝං ගියේ ??"

ශාන් අතේ තිබ්බ පිහියත් අතෑරලා කේන්තියෙන් ගෙට යන්න ගියේ මන් දුවගෙන ගිහින් ශාන්ගෙ පිටට තුරුළු වෙද්දි....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now