🌻Chapter 14 🌻

5.7K 847 266
                                    

දෙයියනේ ! ශාන් මට කිස් එකක් දුන්නද එතකොට .......ආහ්හ්......

ශාන් කාමරේන් එළියට යද්දි මන් ආයෙත් දිගු නින්දක ගිලුනෙ ඊයෙ ට්‍රේන් එකේ ඇවිත් තිබ්බ මහන්සියටත් එක්ක......

පැය දෙකක් විතර සැපට නිදාගෙන මන් නැගිටිද්දි වෙලාව උදේ නමය කිට්ටු කරල තිබ්බා....

ඈනුමක් යව යව මන් කාමරෙන් එළියට එන්න හදල එකතැන නැවතුනේ ඇගම හිරි වැටිලා යන ඒ voice එක ඉස්සරහ......

දෙයියනේ ....... ඒක පිස්සුවක්.....!

" ඔය දෑත මාගේ දෑතේ......
සතපා ගෙවූ අතීතේ........
ඔය දෑත මාගේ දෑතේ...........
සතපා ගෙවූ අතීතේ........
දෙදෙනා නොවෙද දන්නේ...........
සිත දැන් තමයි සිතන්නේ.........

ඔබෙ.....නිල්......නුවන්....
තලා......වේ...........
සැලේ...............කදුළු මිදිලා........
මට ඒ ........මැදින්.........
පෙනෙන්.....න්නේ............
අපේ..............මතක මැවීලා.............."

මන් දොර ළග ඉදන් වශී වෙලා වගේ අහන් ඉදියෙ ඒ කටහඩ.... මන් හිතුවෙ වත් නැහැ music කරනව කිව්වට මේ මැරයට මෙච්චර ගති වොයිස් එකක් තීනව කියල ....

දෙයියනේ ඒ කටහඩ භාවනාවක්......

ගිටාර් එක ප්ලේ කර කර එයා හරිම සියුම්ව මුමුණන්නේ දෑස් පියාගෙන.... මෙච්චර ඉවසීමක් ඒ හිත ඇතුලෙ තියෙනවද ??

මන් දැන් නැගිට්ටා වගේ කාමරෙන් එළියට ආවෙ ශාන් මන් දිහා ගැස්සිලා බලද්දි.....මන් ආව එක එයාගෙ දැහැනට බාධාවක්ද ??

" ගුඩ් මෝනින්....."

මන් දිහා බලලා කටපුරා හිනාවෙලා ශාන් කිව්වෙ මන් ඔළුව වනන් ගිහින් ශාන් ඉස්සරහින් වාඩිගනිද්දි....

" අනිද්දා ස්කොලෙ කොන්සර්ට් එක නේද ?? ඒකටද ඔය ??"

මන් ඇහුවෙ දැවෙන ප්‍රශ්නයක් .....

" ම්ම්......"

ශාන් එහෙම කියල මගේ උඩ ඉදන් යටටම බැලුවා.. නිදාගත්ත ගමන් ඉන්න මාව පිස්සු හොල්මනක් වගේ පේනව ඇති .....

" කාලද ආවෙ....."

තඩී ඈනුමක් යවල මන් ඇහුවෙ දැන් ඉතිං උයන්නත් ඕනෙනෙ කියල කල්පනා වෙද්දි...

" ම්හ්....."

" එහෙනම් තේකක් හදල දෙන්නම්....උයන්න තව වෙලා යයි....."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now