🌻 Chapter 10 🌻

6K 852 261
                                    

🌄🌄

සෙනසුරාදා දවසකට ඉර පායද්දි වෙනද තරම් උදෙන් නැති උනත් හතට විතර නැගිටල මන් ලෑස්ති උනේ අබේවික්‍රම හවුස් එකට යන්න..... අටට ක්ලාස් එක් උනාට මොකද ඉතිං ඒ ගෝතයා ඇහැරෙන්නෙත් දහයට නේ.....

පාරට ගිය ගමන් බස් එකක් හම්බෙද්දි ඒකේ නැගල මන් ටවුන් එකෙන් බැහැලා කඩෙන් ටී එකක් බීලා එන්න ආවෙ ස්කොලෙ පාරට......

ශාන්ගෙ ගේ ඉස්සරහට ඇවිත් ගේට් එකට තට්ටු කරද්දි අර කපිල කියන එක්කෙනා ගේට් එක ඇරියා....

" එන්න මහත්තයා...."

එයා දැන් මාව අදුරනවද කොහෙද.....

මන් හිනාවෙලා ගේට් එකෙන් ඇතුළට ආවෙ උඩ බැල්කනිය දිහා බලන ගමන්.....ඒ යකා තාම නිදිද දන්නෑ....!

වෙනද වගේ නැතුව මට කෙලින්ම ගේ ඇතුළට යන්න අවසර ලැබෙද්දි එහෙම යන්න හරි නැති නිසා මන් දොර ළග බෙල් එක ගැහුවෙ පෝන් එක ඔබමින් සාලෙ උන්න ගයාන් අබේවික්‍රම මන් දිහා බලලා හිනාවෙද්දි...

" ගුඩ් මෝනින් පුතා...... "

ඒ අංකල් ලස්සනට හිනාවෙලා කිව්වෙ මාත් පොඩ්ඩක් හිනාවෙද්දි.....ගයාන්ව දකින හැම මොහොතෙම හිතට දැනෙන්නෙ අමුත්තක්..සමහර විට ඒ මනුස්සය හැසිරෙන විදිය නිසා වෙන්නැති ......

" මෝනින් අංකල්....."

" අම්මෝ අද දවසෙ මුලින්ම හම්බුනේ පුතාව තමයි .....දවසම සුබයි....එන්න දරුවො ඇතුළට.....මේවා ඉතිං ඔයාගෙ දේවල් වගේ තමයි ....."

ගයාන් අංකල් කියද්දි ඔළුව වනල දෑස් බිමට කරන් මන් ආවෙ ගේ ඇතුළට .....

" ශාන් පුතා උඩ ඇත්තෙ....පුතා දන්නවනෙ පාර...කෙලින්ම උඩට යන්න...."

" හරි සර්.....තැන්ක් යූ...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now