🌻 Chapter 74 🌻

6.2K 657 220
                                    

🌻 semini28 ලස්සන කවර් පික් එකක් අක්කියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌻 semini28 ලස්සන කවර් පික් එකක් අක්කියෝ.....
.
.
.
.
.

" ඔයා බය වෙලාද ඉන්නෙ......?"

" ම්හ්..... "

" ඇයි එහෙනම් පැත්ත ගහල ඉන්නෙ...."

වාඩිවෙලා උන්න මගේ උරිස්සට අත තියලා එයා ඇහුවම මන් එයා දිහා බැලුවා.....

අද තමයි අපේ ජිවිතේ හොදම දවස......අපි දෙන්නගෙ ජාන එකතු කරල හදපු අපේ පැටියා අපේ තුරුලට එන දවස...... මට ඉවසිල්ලක් නෑ අපේ පැටියව දකිනකන්.....

හරියටම කිව්වොත් අපේ පැටියා ඉපදුනේ ඊයේ..... ඊයේ පාන්දර තුනයි හතලිස් පහට..... ඇග්‍රිමන්ට් එකේ විදියට ඩොක්ටර් අපේ පැටියව චෙක් කරලා සෞඛ්‍ය තත්වය යහපත් නම් විතරයි අපි අතට දෙන්නෙ...... ඉතිං අද තමයි පැටියා අපි ළගට එන දවස...... මට ඉවසිල්ලක් නෑ දකිනකන්...... මට බයයි....ඒත් එක්කම මහ ලෝබකමක් දැනෙනවා.... මගේ පැටියට දෙන්න මව් කිරි බිංදුවක් නැති එකට.....

සීයා පපා ලොකු ගානක් දීලා පිට රටින් එකේක ජාතියෙ කිරි වර්ග ගෙන්ත් ෆ්‍රිජ් එක පිරෙව්වා......ඒත් අම්මගේ තන පුඩුවෙන් දරුවෙක් කිරි බොනව තරම් හැගීමක් සූප්පුවෙන් දැනෙන්නෙ නෑ...... අම්මා බබා අදතර කනෙක්ෂන් එක හැදෙන්නෙ එතනින්...... සමහර දරුවො කැමති නෑ අම්මා තමන්ට කිරි දෙද්දි වෙන අය එක්ක කතා කරනවට පවා....

" ම්හ්....බබා..... දැන් එන්න කිව්වෙ කීයටද අප්පා..... තාම නෑනෙ..... "

මන් කිව්වෙ ඔරලෝසුවෙන් වෙලාව බලලා මූණ බෙරි කරන්....

" මට එයාව දකින්න ඕනෙ ඉක්මනට ....."

එයාගෙ අතේ එල්ලිලා මන් කිව්වෙ එයා තොලක් හපාගනිදී.....නොකිව්වට පිටට නොපෙන්නුවට එයා ඉන්නෙ ලොකු සතුටකින්.....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now