🌻 Chapter 46 🌻

4.3K 720 227
                                    

" හනේ !"

" ඇයි ?"

" මේ....මේක හොදයි ද ?"

මන් එහෙම ඇහුවෙ එයාගෙන් මන් ඇදපු චිත්‍රෙ පෙන්නලා....කේක් කපලා අඩලා ඉවර වෙලා අපි දෙන්නා කෙලින්ම ආවෙ ඔෆිස් එකට..... කොහොමත් මන් ඔෆිස් ඇවිත් මේසෙ උඩ ඔළුව ගහන් බුදි නිසා එයා මට  දුන්නෙ කොළේකුයි පැන්සලකුයි.....පොඩි බබෙක්ට වගේ චිත්‍රයක් අදින්න කියල .....

බෑ බෑ කිය කිය ඉදල මන් අන්තිමට එයාගෙන් ගුටියකුත් කාලා අන්තිමට චිත්‍රයක් ඇන්දා.... ඒක මහ විකාරයක් වගේ හැබැයි .

කොහොමත් මට චිත්‍ර බෑ....මට චිත්‍ර අදින්න ගියාම මල පයිනවා.....මොකද හරි විදියට අදින එක නාවම පුදුම මානසික අවපීඩනයක් දැනෙන්නෙ.....දැන් ඉතිං තීන පීඩනේ ඩබල් වෙනව.....

වැදගත් ඩොකියුමන්ට් වගයක් බලමින් මගේ ටේබල් එකේ මගේ වැඩ කර කර උන්නු එයා චිත්‍ර්‍ර් දිහා බලලා මන් දිහා බැලුවෙ කුණු මාලු කෑල්ලක් දිහා බලනව වගේ....

" ඇයි ....ඇයි ඔහොම බලන්නෙ ??"

" මොකද්ද ඔය ?"

" ඔයා දන්නවා මට චිත්‍ර අදින්න බෑ කියල "

" ඔව් මන් දන්නව තමුසෙ දන්නෙ පුනීලයි කැකෑරුම් නළයි අනුමාපන ප්ලාස්කුයි අදින්න විතරයි කියල ....ඒත් දැන් ඔය ඇදල තියෙන්නෙ මොකද්ද ?"

" මේ ඔෆිස් රූම් එක "

" ඔෆිස් රූම් එකක් ??"

එයා නළල රැලි කරල කොළේ අතට අරන් බැලුවා....

" ක.....කවුද මේ හිටගෙන ඉන්නෙ...?"

" ආ......ඒ ඔයා !"

" මන් !!"

" ඕ......"

" ඇයි මන් හිටගෙන ඉන්නෙ ?"

" මට වාඩිවෙලා ඉන්නව අදින්න බැරි නිසා ....."

මන් කියද්දි එයාට මහ සද්දෙන් හිනාවක් ගියේ එයා අත දික් කරල මගේ කොණ්ඩෙ අවුල් කරද්දි....

" පිස්සු කොල්ලා..... "

" ම්හුහ් ! උදේ බීපු බෙහෙත් නිසා ඇගට අමාරුයි .....මට නිදාගන්න ඕනෙ...."

" බෑ බෑ ! ම්ම්....මේ පොත ගන්න....මේ පොත හොයන්න මන් සරසවියටම බඩ ගෑවා...."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now