🌻 Chapter 55🌻

3.8K 698 362
                                    

පොරොන්දු ඉස්ට කළෝ....

.
.
.
.

🌄🌄🌄🌄

උදේ උනේ කොහොමද කියල වත් නොදන්න මන් ඇහැරුනේ සුදු අම්මගෙ අතැගිලි මගේ හිස පුරා ගලන් යන සනීපෙට..... මන් ලාවට ඇස් ඇරියේ සුදු අම්මා ලස්සනට හිනාවෙද්දි....

" පුතූ..... "

" සු...දු... අම්මේ...."

" තාම ඇගට අමාරුයිද පුතූ.... "

මන් ඇහිපිය දෙපාරක් ගහලා ඇස් සම්පූර්ණයෙන්ම ඇරල බැලුවෙ කාමරේ දිහා......හොදටම එළිය වෙලා.... සමහර විට ශාන් වැඩට යන්නත් ඇති ....

ආයෙ සුදු අම්මා දිහා බලන්න හැදුවත් මාව ගල් උනේ ඇද ළග වාඩිගෙන උන්නු කෙනා දැකලා...

දෙයියනේ ශාන්ගෙ ඩැඩා....ඔෆිස් යන ඇදුම ඇදන් උන්න එයා ඇදේ වාඩිගෙන බලන් ඉදියෙ මන් දිහා....

" සු..දු...අ...ම්...මේ..."

" හා ! හා ! කලබල වෙන්නෙපා පැටියෝ...."

මන් දඩිබිඩි ගාලා ඇදෙන් නැගිටින්න හැදුවත් සුදු අම්මා ආයෙ මාව හාන්සි කළේ ඇදෙන්...

" පුතාට දැන් කොහොමද ?"

" ආහ්....හො..ද...යි ...දැන් ..."

මන් කිව්වෙ සුදු අම්මගෙ මූණ දිහාත් බලන ගමන්....

" ඔන්න පුතූ මන් ශාන්ගෙ ඩැඩාට සේරම ටික කිව්වා...."

හත්තිලව්වේ !!

මන් කෙල ගුලියක් ගිල්ලෙ අමාරුවෙන් .....

" අනුක් පුතා...බෙහෙත් ගන්න යන්න ඕනෙද ? ඩොක්ටර්ට ගෙදරට එන්න කිව්වා නම් හරි සෙලීනා..."

" නැහැ හබී.....අයියෝ ඩොකටර්ස්ලා ඕනෙ නෑ...."

සුදු අම්මා කිව්වෙ මගේ කම්මුලක් අතගාන ගමන්...

" ආ.....ඒ මොකද ? ශාන් කිව්වෙ මේ දරුවා ඊයෙ රෑ හොදටම vomt කරා කියල .....ඇලජි එකක්ද දන්නෑනෙ..."

" අයියෝ හබී....ඔයාට මන් හැමදේම ඇගිල්ලෙන් ඇනලා කියල දෙන්න ඕනෙද අනේ...... හරි හරි පුතූ ඔඉවා ගණන් ගන්නෙපා... මේ කිරි එක බීලා ඉන්නකො.... ඇගට හයිය හත්තිය තියෙන්නම ඕනෙ මේ කාලෙ ...."

" ඒ ළමයට වෝම්ටින් නම් කිරි දෙන්න එපා සෙලීනා..."

" අනෙ මේ ....ඔයා කට වහගන්න.... "

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now