🌻 Chapter 70 🌻

5K 699 349
                                    

🌄🌄🌄🌄🌄

අද සිකුරාදා දවසක්....

කලාතුරකින් කැම්පස් එකේ ලෙක්චර්ස් නැති වෙද්දි මන් ඇහැරුනේ කාමරේට වැටුන ඉර එළියත් එක්ක... පහුගිය සතියෙම mid එක්සෑම් එකට මහන්සි උන නිසා හරිම නිදිමතයි ....හරි කුජීත හැගීමක් දැනෙනවා....

පිස්සන් කොටුව වගේ තියෙන පොත් මේසෙ දිහා බලන් බාතෲම් එකට ගිහින් චූ දාලා කොණ්ඩෙත් වනන් මන් ආවෙ සාලෙට.....

සෝපා එකෙන් වාඩිවෙලා යාන්තම ඇස් පුංචි කරල මන් බැලුවෙ ටිවි එකේ යන පත්තරේ විස්තරෙ දිහා...

අසනීප උන කාලෙන් පස්සෙ මගෙන් ගන්න දෙයක් නැ.... ඉස්සර ශාන්ට කොච්චර  උපදෙස් දුන්නද මෙහෙම හැදියන් මෙහෙම වෙයන් කියල ....දැන් මාත් වනගත වෙලා....

" ආ.....මෙන්න නැගිටලා......"

" නිකන්....හිටපන්කෝ.....රෙද්ද ..."

ටයි එක දදා පහළට ආව දේශ් අවුල් වෙලා තියෙන මගේ කොණ්ඩෙ තව ටිකක් අවුල් කළේ නිදිමරගාතෙ උන්න මට මල පනිද්දි....

" ඔන්න පටන් ගත්තා දෙන්නම... !!"

මට කිරි එක හදන් ආව අම්මා කෑ ගැහුවෙ දේශ් හෙමින් සැරේ එතනින් මාරු වෙද්දි...

මන් කිරි එක අතට ගත්තෙ අම්මා මගේ සර්වාංගෙ දිහාම රවල බලද්දි...

" ඇයි අනේ....හුහ් !"

" ඉන්න හැටි..... සොම්බියෙක් වගේ.....ගිහින් මූණ කට හෝදන් එනවා ළමයො....ගෙදරට මනුස්සයෙක් ආවොත් ඉවරයි "

අම්මා ගස්සගෙනම කිචන් එකට ගියේ මේ කනෙන් අහලා අනික් කනෙන් පිට කරල මන් කිරි එක බොද්දි.....

" ආ ගුඩ් මෝනින් පුතා.... "

මගේ ඔළුව අතගාගෙනම ඩැඩී මෙසෙන් වාඩිගත්තෙ උදේ කෑම කන්න..... අම්මා කෑම මෙසෙට බෙදලා දේශ්ටයි ඩැඩීටයි කෑම පාර්සල් දෙකත් ඔතල තිබ්බෙ මේසේ උඩින්....

" පුතා දැන්ම කනවද ?"

" බැහැ ඩැඩි.....පස්සෙ කන්නම්....ඔයාලා කන්න...."

" එයා දැන් ඔය පැයක් හමාරක් ටීවි බලලා  උඩට ගිහින් දත් මැදලා එද්දි දවල් දහය දොළහ වත් වෙනවා.... උදේටයි දවල්ටයි දෙවේලෙටම කන්නෙ එකට....."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now