🌻 Chapter 61 🌻

3.7K 691 323
                                    

කමෙන්ට් මදී....ලියන්න හිතෙන්නෑ ....😒 .....

සලාංං......💥

ගේ දෙවනත් වෙන්න ඇහුන සද්දෙත් එක්ක මායි සුදු අම්මයි මූණට මූණ බලාගත්තා....

සලාංං....💥

ආයෙත් මොනාහරි කුඩු වෙලා යන සද්දයක් ඇහෙද්දි මන් දෑත් එකට ගුටි කරන් ඇදෙන් නැගිටින්න හැදුවත් සුදු අම්මා මාව බලෙන්ම ඇදේ වාඩි කෙරෙව්වා.....

" ඔයා ඔහොම ඉන්න පුතූ...... "

" අනේ.... සුදු ....අම්මේ..එයා... කරදරයක්....කරගනීද...දන්නැ......"

" එයාට කේන්ති ගියාම ඔහොම තමයි පුතූ..... ටික වෙලාවකින් ඕක හරියයයි.....ඔයා දැන් මේ කිරි එක බොන්නකො...."

" මට....දැන් ....බොන්න....බැහැ ....සුදු අම්මේ....."

" එහෙම කියල හරියනවද....දවසටම බොන්නෙ කිරි එක විතරයි ....."

සුදු අම්මා මට රවලා මගේ අතට කිරී වීදුරුව දුන්නා....

" බොන්න ඉතිං ...."

සුදු අම්මා ඔළුව අතගාලා කියද්දි මන් කිරි එක බොන්න ගත්තෙ එහා කාමරෙන් ඇහෙන වීදුරු කුඩු වෙන සද්දෙට කන් දීලා......

අද උදෙන්ම සීයා පපා ගෙන්නපු ඩොක්ටර් ලංකාවට ආවා..... ඒ ඩොක්ටරුත් රිපෝට්ස් බලලා කිව්වෙ මට තියෙන ලෙඩේ අදුරගන්න බැහැ කියල .... ඒක අහල එයාට යකා ආවේශ උනේ ඒ වෙලාවෙ එයා ඩොක්ටර් එක්ක හොදටම රණ්ඩු අල්ලද්දි.....ඉන් පස්සෙ එයා ඩොක්ටර්ට ගැහුවත් එක්ක.... සීයා පපා එවෙලෙම එයාට කනේ පාරක් ගහලා කාමරේට දාලා දොර ලොක් කළේ කේන්තියට....

එවෙලාවෙ ඉදන් එහා කාමරේ ඇතුලෙ බඩු පොලේගහන සද්දෙ ඇහුනෙ ඉවරයක් නැතුව...... එයා මහ හිතුවක්කාරයි.... කියන දේ බිංදුවක් අහන්නෑ.... මන් සැරේකුත් කිව්වා ඔය සල්ලි ඔහොම නාස්ති කරන්න එපා කියල .....මට දැන් තීන බය මේකා තීන කේන්තියට මොනා කරගනීද කියල ....

" ශාන් බබා ඔහොම තමයි .....තව ටිකෙන් ඔය කේන්තිය නිවුනම හරියයි..... ඔයා බය නොවී ඉන්නකො.... ඒ කාමරේට යනව එහෙම නෙමෙයි හරිද පුතූ....."

මගේ කම්මුලක් අතගාලා සුදු අම්මා කාමරෙන් එළියට ගියේ මට ආයෙත් නිදාගන්න තරම් මහන්සියක් දැනෙද්දි....ඒත් එයා එයාට කරදරයක් කරගනීද කියල බය නිසා මන් අමාරුවෙන් ඇදෙන් නැගිටලා සීක්‍රට් රූම් එකෙන් ආවෙ එයාගෙ කාමරේට ....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now