🌻 S_p_e_c_i_a_l 🌻

6.7K 782 277
                                    

.
.
.
.
Aiden P.O.V.

" පුතා "

" ම්ම් "

" අපි මේ පසු කරමින් පවතින්නෙ ඔයාගෙ තාත්තිගෙ ප්‍රාන්තය තමයි "

මන් ටැබ් එකෙන් ඇස් අරන් බැලුවෙ අම්මි දිහා....

" ආහ් ?"

" ඔ යෑස් ! "

මන් අම්මිගෙන් ඇස් ඇරන් බැලුවෙ වේගෙන් ඉදිරියට ඇදෙන කාර් එකට පහු වෙන කඩවල් වල බෝඩ්ස් දිහා....

දෙහිවල ??

" අම්මි දෙහිවල ?"

" අබේවික්‍රම සීයා ඔයාගෙ තාත්තිව අරන් ආවෙ මෙහෙන් තමයි පුතේ "

පුහ්හ්.....

" තාත්ති ඉදල තීන්නෙ කාණුවකද කුණු ගොඩකද අම්මි ?"

" එච්චර දන්නෑ ටුටූ....කොහොමහරි තාත්තිව අරන් ආවෙ රෝස කැලෙන් නම් නෙමෙයි ඔන්න......"

අම්මි කිව්වම මාත් හිනා උනේ ඩ්‍රයිවර් අංකලුත් හිනාවෙද්දි....

📱. . . . . . 

" ඔන්න ගන්නෝ...මතක් කරා විතරයි ....ඇත්තටම මේ මිනිහට ඔෆිස් එකේ වෙන වැඩ නැද්ද අප්පා. "

අම්මි කිව්වෙ තාත්තිගෙන් එන කෝල් එක දිහා බලන්....

" ඕං ටුටූ ඕන ඔට්ටුවක්..... අපි කැම්පස් එකට යනකන්ම විනාඩියෙන් විනාඩිය මේ මිනිහා කෝල් ගහනව ..... මූ ඔෆිස් එකේ අයිස් ගහනෙක කරන්නෙ "

අම්මි එහෙම කියල පෝන් එක කනට තියාගත්තෙ ඔය කොච්චර කිව්වත් මූණෙ ලස්සන හිනාවක් තියෙද්දි....

" හෙලෝ බබා "

" චූටි අයියේ.....කොහෙද ඉන්නෙ ?"

" ඔයාගෙ ගමේ "

" මොකක්...... "

" ඔයාගෙ ගමේ බබා ඉන්නෙ "

" ඔයාලා මරදානෙ ගියාද...ඇයි ඒ ? මන් හිතුවෙ දැන් යන ගමන් කියලනෙ..."

" අයියෝ නෑ නෑ අනේ....ඔයාගෙ උපන් ගම..... mother village එක..."

මන් හිනාව කාගෙන ඉදියෙ අම්මි තාත්තිව බයිට් කරන දිහා බලන්....අනේ ඇත්තටම මෙේ දෙන්නා හෙන ජොලි කපල් එකක් අප්පා....දැන් මෙහෙම නම් ලව් කරන කාලෙ ගැන මට හිතාගන්න පුලුවන් ....

You've reached the end of published parts.

⏰ Last updated: Apr 10 ⏰

Add this story to your Library to get notified about new parts!

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now