🌻 Chapter 42 🌻

4.5K 724 184
                                    

ඇහි පිය ඇරගන බැරි තරමට බරක් එල්ලලා වගේ දැනෙද්දි මන් අමාරුවෙන් වගේ දෑස් ඇරියෙ හිස පුරා ඇගිලිතුඩු ගලන් යන සනීපෙට.....

" අයියේ..... මන් බය උනා.....හොදටම ...."

එයාගෙ කලකිරුනු කටහඩ ඇහෙද්දි මන් සම්පූර්ණයෙන්ම ඇස් හැරියෙ අමාරුවෙන්....

මන් දැන් දන්නව.....මට කවදහරි  ඉතුරු වෙන්නෙ ඔයා විතරයි ....

" වස්තුව.....ඔළුව රිදෙනවා ද ?"

" ම්හ්....චු..ට්..ට...ක්...."

" මමී උණු වතුර වලින් ඔයාගෙ ඔළුවත් තැව්වා චූටි අයියේ....බයටම මන් ඕඩිකොලෝන් දාලා ලේන්සුවකුත් තිබ්බා.... කෑම කාලා බෙහෙත් පෙති දෙකක් බොමු..... "

" ම්හ්....ඔළුව...රිදෙනවා ...."

මන් කිව්වෙ අමාරුවෙන් ඇදේ වාඩිගන්න ගමන්.....

එයා මගේ අතට දුන්නෙ වතුර බෝතලේ.....

මන් ඒක බීගෙන ගියේ දැනුන තිබහත් එක්ක...

" මට....මොකද උනේ...ශාන් ?"

" කිව්වට අහන්නැනේ....අඩල අඩල හෙම්බත් වෙලා ඉන්නැත්තෙ...හරි කෑමකුත් බඩට වැටුන් නෑනෙ....එහෙන්මම ෆේන්ට් උනා...."

මන් දෑතින්ම ඔළුව අවුල් කරගත්තෙ ඇස් පියාගන්න ගමන්....

" අම්මලා.....??"

එයාගෙන් ඇහුවත් උත්තරයක් නොවුන නිසා මන් බෙල්ල උස්සල එයා දිහා බැලුවා....

" හ්ම්ම්හ් ! එයාලා ගියා...."

හිතට වේදනාවක් දැනෙද්දි කොට්ටෙ head board එකට හේත්තු කරන් මන් ලොකු හුස්මක් පිට කළේ කොට්ටෙට පිට දීලා....

" කොහෙද....මේ....ඉන්නෙ ?"

මන් ඇහුවෙ කාමරේ උඩ බිම ඇස් ගෙනියන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ඇහුවෙ කාමරේ උඩ බිම ඇස් ගෙනියන ගමන්....

" ඔයාගෙ අලුත් රූම් එක.... "

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now