🌻 Chapter 15 🌻

5.9K 849 319
                                    

ටික ටික බස් එක ඉස්සරහට ඇදෙද්දි ශාන් ඉන්නවට වඩා කළේ නලියපු එක...නගින නගින එකා ඌට අත වනද්දි මන් ජනෙලෙට අත තියන් අත උඩින් මූණ තියන් බලන් ඉදියෙ මේ විගඩම් දිහා.....

" ගුඩ් මෝනින් ශාන් අයියා...."

Ladies college එකේ කෙල්ලෙක් ශාන්ව දැකලා ඇදල පැදල කිව්වෙ ඒකා හිනාවෙලා ඔළුව වනද්දි....ඕවට තමයි මලෛකාර කියන්නෙ....

" ඇත්තමයි තමුසෙට එකක් කියල නෑ නෙ...."

බලන් ඉදල මන් ඇහුවෙ ශාන් මගේ දෑස් දිහා එක එල්ලෙ බලද්දි....

" ඉස්සර එහෙම තමයි ...."

" එතකොට දැන් ....?? දැන් කියල වෙනසක් තීනවද..."

" දැන් ඉතිං ....ඉන්නෙ එකයි.....ඌට පැලෙන්න ලව්...."

" මොකද්ද බන් ඔය ජිවිතේ තේරුම... අරහෙන් එකයි මෙහෙ එකයි....උන් දන්නැද්ද උඹට කෑලි ගොඩාක් ඉන්නව කියල ..."

" දන්නවා....."

" එහෙම දැනගෙනත් උඹත් එක්ක සෙට් වෙනවද ??"

" ඔව් ඉතිං .... මගේ ෆිගර් එක හැන්ඩ්සම් මුූණයි දැක්කම ඕනෙ කෙනෙක් සෙට් වෙනවා තමයි ....."

කියල වැඩක් නැ ....

" හහ්...... එතකොට දැන් ඔය විදියට කෙල්ලො දහයක් දොළහක් ඉදියා කියල උඹට හම්බෙන ඵල ප්‍රයෝජනේ මොකද්ද ??"

" ආතල් එකට අනේ ඒව කළේ..... "

" කළේ ?? තාමත් කරන්නෙ ඔය.... පහු ගිය ටිකෙත් මන් දැක්කා බාලිකාවෙ කෙල්ලෙක් එක්ක....."

" දැන් කොච්චර කල්ද අප්පා ඒකට.... "

" හරි ඉතිං කතාව ඇත්තනෙහ්....."

" ඒව සිරියස් ගන්නැ ඉතිං ..... "

" පිස්සු !"

" කෙනෙක් නිසා පිස්සු වැටිලා තමයි ..... "

"........................"

" හරි කෙනා හම්බුනාම ඉතිං ඒවා අතෑරෙනවා ....."

මන් අහක බලාගෙනම ඉදියේ ශාන් එයාගෙ සුළැගිල්ලට මගේ සුළැගිල්ල පටලවාගනිද්දි....

" හරි කෙනා ජිවිතේට ආවම සත්තයි පැළෙන්න ආදරේ කරනව....."

ඇගිල්ල අල්ලගෙනම කියල ආයෙත් මගෙ ඇගිල්ල ශාන් නිදහස් කළේ මොකද්දෝ හැගීමකට මන් ශාන්ගෙ මූණ දිහා බලද්දි....මට මොනාද මේ වෙන්නෙ....ඇයි ශාන් ළගදි මගේ හිත මෙච්චරටම නොසන්සුන්.....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now