🌻 Chapter 44🌻

4K 715 137
                                    

රූම් එක ඇතුලෙ පොඩි ඇදක් ටේබල් ලෑම්ප් එකක් වොශෲම් එකක්  වගේ තියෙද්දි මන් ජනෙලෙන් එළිය බලාගෙනම ඇදෙන් හාන්සි උනේ මාරම මහන්සියක් දැනුන නිසා ......

.
.
.

" ආ නැගිට්ටද ?"

මූණ චුට්ටක් සෝදගෙන මන් ආයෙ ඔෆිස් රූම් එකට ආවෙ නළල තෙරපගන්න ගමන්....

කම්පියුටර් එක දිහා බලාගෙනම එයා ඇහුවෙ මන් ඔළුව වනල  රූම් එක ඇතුලෙම තිබ්බ සෝපා එකෙන් වාඩිගනිද්දි.....

ඔළුව පැලෙන්න වගේ රිදෙනවා....මගේ ඇස් ගියේ සෝපා ටේබල් එක උඩ තිබ්බ මල් පොකුරු දිහා...

මට කලින් හම්බුන මල් පොකුරු ......

හිතට මාරම සනීපයක් දැනෙද්දි මන් මල් පොකුරක් අතට අරගත්තෙ සිහින්ව ඇගිලිතුඩු වලින් පිරිමදින ගමන්.....

" ආහ් ........."

" චූටි අයියේ......මේ ...ෆලූඩා එක බීලා ඉන්න...."

එයා උරිස්සට තට්ටු කරාම මන් ගැස්සිලා එයා දිහා බැලුවෙ එයා මගේ අතට ෆලූඩා එක දෙද්දි....

" බොන්න...."

ඔළුව අතගාලා එයා කියද්දි මන් ඒකේන් උගුරක් බිව්වා..මෙච්චර වෙලා ෆ්‍රිජ් එකේ තිබ්බ නිසාදෝ පට්ටෙට කූල්....

" වැඩ...ඉවරද ?"

එයා මන් ළගින් වාඩිත්ත නිසා මන් ඇහුවෙ ?

" ගොඩක් දුරට ඉවරයි... අපි දෙකට වගේ ඔෆිස් එකෙන් යන්න ඕනෙ...."

" සීයා පපා ?"

" එයා ගෙදර ගියා !"

" ගෙදර ගියා ??"

" හ්ම් !"

මන් නිහඩවම ෆලූඩා එකෙන් උගුරක් බිව්වා....

" අපි....කොහෙද යන්නෙ ?"

" psychologist කෙනෙක් ළගට....මගේ හොද යාළුවෙක් ඉන්නව....මන් එයාව කන්ටැක් කරගෙන Appointment එකක් දාගත්තා....."

" හ්ම්....."

එයා මන් දිහා බලන් කියද්දි මන් ඔලුව වනල බිම බලාගත්තා....

" ශාන් ?"

" ම්ම්.........."

" දේශ්....මාත් එක්ක තරහයි "

" මන් එයා එක්ක කතා කරන්නම්....."

" ශාන්.....තව එක දෙයක්...."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now