🌻 Chapter 73 🌻

5K 634 249
                                    

පටන් ගෙන මොනව කියන්ද නැත මට වැටහෙන්නේ....කියන්න එව්වා තියෙනෝ බන්....මේ අපේ සර් නොවුනා නම්...."

විශ්වය කියද්දිම කවීෂයා මට දණ ගහල වැන්දෙ මගේ ඇස් උඩ යද්දි...

" දෙයියනේ ....කවීෂ... නැගිටින්න දරුවො.... මොකද මේ....??"

වෙඩින් එකේ මියිසික් එකත් නතර වෙද්දි හැමෝම අපි දිහා බලන් ඉදියා...

මන් කවීෂව බලෙන් නැගිට්ටවල වැළදගත්තා.....

" සර්ට වැන්දට පව් නෑ සර් "

" පිස්සුද බන්.... විකාර නොකර හිටපන් "

මන් කවීෂයට සැර කරද්දි ඌ පොඩි හිනාවක් දාන් නැගිට්ටා...

" මොකද ළමයි මේ..... මට ලැජ්ජ කරන්නද හදන්නේ ??"

විශ්වයාත් මට දණ ගහල වදිද්දි මන් ඇහුවෙ  ඇස් වල කදුළු පුරවන්....මුන් මොනා කරනවද අප්පා....

" නැගිටින්න... දරුවො...."

" සර්ට වැන්දට පව් නෑ ස....ර්..... "

නෙතුජයත් එක්ක සෙට් එකම මට වැදල නැගිට්ටෙ මන් ශාන් දිහා බලද්දි.... එයා මන් දිහා බලන් උන්නෙ ආඩම්බරෙන් වගෙ....

" මොනාද.... අනේ...කරන්නේ... වෙඩින්....එකකට....ආවෙ.... "

මන් බැන්නෙ ඇස් අග බැදුනු කදුළු පිහිදන්....

" සර් මූව බැන්දට සර් අපේ සර්ම තමයි .... ගුරුවරයට වැන්දට පව් නැහැනෙ සර්.... "

" ඔව් සර්.... සර් තමයි අපිට ඒලෙවල් ජිවිතේ මුණ ගැහුන හොදම ගුරුවරයා.... ආයෙ ඒකේ දෙකක් නෑ...... "

මන් ඇස් වල ක්ක්දුළු පිහිදන් බිම බලාගනිද්ද්ද් ශාන් මගේ පිට අතගෑවා....  කවීෂයා එතනින් එහාට ගිහින් මයික් එකක් අතට ගත්තෙ නොහිතපු විදියට....

" අපි සෙට් එකම ඉස්සර කොච්චර ඇට්ටරද සර්....සර් ඉස්සර පළු යනකන් අපි සෙට් එකට බයිනවා.... ශානුත් ඇතුලුව.... හැමදාම පන්තියෙන් එලියෙ.... සර් ඔය මොනා කිව්වත් අපි සේරම මේ කනෙන් අහල අනික් කනෙන් යවනවා.... ශානුත් එහෙම්මමයි.... ඕක කෞශි නිසා අතට අහු නොවෙන්න අපි දන්නෑ කිහාන්කො ඔය සම්බන්ධෙත්...සුපුනා කෙල බිදක් හැලුවෙ නෑ !! "

අයියෝ..... මට සැජ්ජයි....

" අපි සේරමල්ලා සල්ලිකාරයො.... අපි ඉදියෙ ඉගෙන ගන්න ඕනෙ නෑ කියන මතේ.... අපිට සල්ලි තියෙනව ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි කියල ... හැබැයි සර් තමයි අපිට කියල දුන්නෙ උගත් කම කියන්නෙ සල්ලි වලට ගන්න පුලුවන් දෙයක් නෙමෙයි කියල ... සර් නිසා තමයි අපි සෙට් එක යන්තම් S තුන හරි දාගත්තෙ.... අපි දැන් ඉන්න තැනට ඒක අදාළ නොවුනත් ඒලෙවල් ජිවිතේ ටිකක් හරි ප්‍රයෝජනවත් උනේ සර් නිසා...සර් ඉස්සර අපිට බැන බැන උගන්න එව්වා අපිට බොක්කටම වදිනවා.... මුල් දවස් වල අපි එකෙක් වත් ක්ලාස් එකේ ඉන්නැ... පස්සෙ අස්සෙ සර් නිසා තමයි අපි ක්ලාස් එකේ ඉන්න ගත්තෙ... අනික් විෂයන් තුන S වෙලා කෙමෙස්ට්‍රි C උනේ සර් නිසා..සර්ම අපිව ගෙදට්ට ගෙන්නගෙන තේකකුත් හදලා දීලා අපිට උගන්වනවා... සර් අපිට තව ගොඩාක් දේවල් කියල දෙනවා ජීවිතේ ගැන...අපි අපේ ජිවිතේ විදල තියෙන දේවල් වලට වඩා සර් වින්ද දේවල් හාත්පසින්ම වෙනස්....සර් අපිට ඒ හැමදේම කියල දුන්නා.... සල්ලි නෙමෙයි වටින්නෙ උගත්කම කියන එක කියල දුන්නෙ සර්.... යාළුවො වගේ ඉදන් අපි ඒලෙවල් කාලෙ හැමදේම කිව්වෙ සර්ට... විශ්වයාගෙ ලව් එක තවමත් තියෙන්නෙ සර් ඌට දුන්න උපදෙස් වලට පිං සිද්ධ් වෙන්න.... ඉතිං එකක් කියල කියන්න බෑ.... ඇත්තටම සර් තරම් අපේ ජිවිතේට අවෙන කීසිම ගුරුවරයෙක් ක්ලෝස් වෙලා නෑ.... ඇත්තටම අනුක් සර් කියන්නෙ අපිට කෙමෙස්ට්‍රි ගුරුවරයෙක් විතරක්ම නෙමේ... සල්ලිකාර අපි වගේ පුත්තු නොදැකපු සමාජෙ ගැන කියල දුන්න මනුස්සයෙක්.."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now