🌻 Chapter 20 🌻

5.9K 823 264
                                    

" කෝ ශාන් ??"

" එළියට ගියා සර් "

දානෙන් පස්සෙ ආයෙ මාව ගෙදර ඇරලවලා ශාන් ගෙදර ගියේ තිබ්බ මහන්සියට මන් එහෙන්මම නිදාගනිද්දි.....පහුවදා ස්කොලෙ ඇවිත් උදේ session එකට ක්ලාස් එකට ඇවිත් ශාන් පෙන්න නොඉදිය නිසා මන් ඇහුවෙ සුපුන් ගෙන්.....

" එළියට  කිව්වෙ ?"

" උදේ පාන්දර ෆුට් බෝල් ප්‍රැක්ටිස් ....."

" ම්ම්..."

මන් එහෙන්මම එන්න ආවෙ ක්ලාස් එක ඇතුළට ......ශාන්ගෙ අපත සෙට් එකම නැතත් සුපුන් නම් මමයි ශානුයි ගැන පොඩ්ඩක් දන්නවා..... මන් ස්කොලෙ ඉන්න වෙලේට ශාන් මාත් එක්ක කතා කරන්න එන්නෙ සුපුන්ව මුරට තියල තමයි .....

ශාන් ක්ලාස් එකේ නැති උන එක ලොකූ පාළුවක් වගේ දැනුනත් මන් ක්ලාස් එක පටන් ගත්තෙ ඉදපු ළමයින්ට ....පහුගිය දවස් තුනේම නිවාඩු නිසා ගොඩාක් වැඩ මිස් වෙලා තීද්දි session එකෙන් බාගයක් විතර යද්දි කොණ්ඩෙ අතින් හදන ගමන් ශාන් ක්ලාස් එකට ආවෙ උගුර පාදන ගමන්.....

" Excuse me !"

දෙන්නම් වැඩේ.....

" ශාන් ! මෙච්චර වෙලා කොහෙද ගියේ...වෙලාවට ක්ලාස් එකට එන්න දන්නැද්ද ??"

කණ්නාඩි දෙක ඇස් වලට තද කරන් මන් ඇහුවෙ ශාන් ඇස් හීනි කරල රවද්දි.....

" ඔහොම කරන්න ගියොත් නම් කරගනී විභාගෙ..... පහු ගිය දවස් තුනෙත් ස්කොලෙ ආවෙ නෑ නෙ නේහ්...."

සුපුන් කට තද කරන් හිනාවෙද්දි ශාන් නම් ඉන්නෙ අපායට ගහපු කැලැන්ඩරේ වගේ....

" දැන් ඔය සෙෂන් එකෙන් භාගයක් ගිහින් ක්ලාස් එකට එන්නෙ කොහේ ගිහින්ද ආ..."

ශාන් ළගට ගිහින් ඉනටත් අත් දෙක ගහන් මන් ඇහුවෙ ශාන් බෙල්ල කෙලින් කරල ඇස් වලින් පොඩි බැල්මක් දාලා ආයෙ අනික් අත බලාගනිද්දි...

" මේ....මට කියල මෙතන කිස් කරගන්න හදන්නැතුව මට යන්න දෙනවද චූටි අයියේ ??"

ඉස්සරහ බලාගෙනම වගේ ශාන් කිව්වෙ ඇගම හිරි වැටිලා ගිය මන් ඉක්මනට පාරෙන් අයින් වෙද්දි.....

කට කොනින් මහ කැත හිනාවක් දාපු ශාන් ක්ලාස්   එක ඇතුළට ගියේ මන් මූණ ඇද කරන් බලන් ඉද්දි.....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now