🌻 Chapter 59 🌻

4K 706 213
                                    

" චූටි .....අයියේ..... ඇස් අරින්න වස්තුව....."

" ම්හ්හ්......."

" දවල් වෙන්නත් ළගයි...දොයියෑවා ඇති නේද.....ම්ම් "

මන් එළියට ඇස් හුරු කරගන්න ගමන් ඇස් ඇරියෙ අමාරුවෙන්..... එයා ඇද ළග බිම ඉදන් ඉන්නව දකිද්දි එයාගෙ අත තදින් හිර වෙලා තිබ්බෙ සේලයින් බටයක් ගහපු මගේ අතට.....

" සැ...ක්....මො....කාද...සේලයින්...දු....න්නේ..."

සේලයින් එක දැකල මට ඌරු ජුවල් නගිද්දි මන් ඇස් පිරිමදිමින් ඇහුවෙ එයාගෙන්....

" නැගිටින්න ඉතිං ...."

ඊයෙ රෑ උන දේවල් එකින් එක සිහි උනත් මන් ඒවා ගණන් නොගෙන නැගිට්ටෙ එයා මට ඉදගන්න උදව් කරද්දි....

" දැන් හොදයි ද ??"

" හ්ම්..... කීයද වෙලාව..... ඩොක්ටර් ආවද උදෙන්ම ?"

මන් ඇහුවෙ පුදුමෙන්....

" හ්ම්..... ඊයෙ රෑ බය උන පාර මන් මුළු ගෙදරම අයව ඇහැරවලා ඩොකටර්ව ගෙන්නුවා..... "

එයා කිව්වෙ සේලයින් ගහපු මගේ අත පරිස්සමට පිරිමදින ගමන්......

" ඔයා මුළු රෑම ඇහැරගෙනද උන්නෙ මැණික....."

එයාගෙ කොපුලක් පිරිමදින ගමන් මන් ඇහුවෙ එයා මගේ අත්ලෙ උණුහුමට කම්මුල තද කරන් ඇස් පියාගනිද්දි....

" ඔයා සිහි නැතුව ඉද්දි මට නින්දක් කෝ චූටි අයියේ....."

මගේ ඇස් වලට කදුළු ඉනුවෙ එයාගෙ ඇස් වල තිබ්බ මලානික පෙනුම දැකලා.....

" ඩොක්ටර් මොකද කිව්වෙ....."

" Speciallist කෙනෙක්ට පෙන්වන්න කිව්වා....අපි අද යන් හොස්පිටල් එකට....."

මන් කිණ්ඩියට හිනා උනේ හෙඩ් බෝඩ් එකට ඔළුව හේත්තු කරගන්න ගමන්.....

" ඇයි ?"

" ඔයාට නොකියා ගියෙත් speciallist කෙනෙක් හම්බෙන්න තමයි බබා.... "

"....................."

" මට ඕනි උනේ හරියටම  ලෙඩේ කන්ෆර්ම් කරගන්න...."

" නතාශා එක්ක ??"

" මට යන්න පුලුවන් කෙනෙක්ට ඉදියෙ එයා විතරයි ....."

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now