🌻 Chapter 04 🌻

4.9K 876 128
                                    

" .............හරි ළමයි ගාණ ලියාගන්නකො එහෙනම්....."

හදපු ගාණ ළමයිට ලියාගන්න දීලා මන් පොත අස්සෙබ් ගත්තෙ ශාන්ගෙ ලිවුම....ඊයෙ මූ ඒක ගුටි කරල විසි කරපු නිසා මට ආයෙ එකේ කොපියක් අරන් අත්සන දාන්න උනා......මටත් අහවල් එකේ අමාරුවනෙ...එවෙලෙම අත්සන් නොකර පුප්පන්න ගියා.....

" ළමයො......"

ශාන් ළගට ගිහින් මන් කතා කළෙ ඌ ඔළුව ගහන් බුදි නිසා.....රෑ තිස්සෙ ක්ලබ් එකේ.....ක්ලාස් එකේ නිදි......

" ශාන්......."

මන් දෙවෙනි පාරටත් කතා කළේ මූ මලාට ඔළුව උස්සන්නැති වෙද්දි.....මන් ඌට එහා පැත්තෙ ඉදිය විශ්ව දිහා බලද්දි ඌ නෝන්ඩි හිනාවක් දාලා ගැහුවෙ ශාන්ගෙ ඔළුවට....

ඊව්හ්....ඒක නම් සැරටම වදින්නැති......

" හු#තො......නැගිටපන්.....සර් ඇවිත්......"

ඌ යාන්තමට ඔළුව උස්සල මන් දිහා බලලා ඇස් හීනී කළේ මාව පෙන්නන්න බෑ කියන්න වගේ.....මන් මූට කරපු ඇති වැරැද්දකුත් නෑ...... මූ මට කරල ඇති වැරැද්දකුත් නෑ....අපි දෙන්නට අපි දෙන්නව පේන්නත් බැ.....

" ම්ම්........"

ලිවුම මේසේ උඩට මන් දැම්මෙ ඌ මන් දිහායි ලිවුම දිහායි මාරුවට බලද්දි ......

" ඔළුව කෙලින් කරන් අහන් ඉන්න....නැත්තන් ගිහින් මුණ සෝදන් එන්න....."

ඔළුව චුට්ටක් අතගාලා මන් කිව්වෙ මගේ අතැගිලි පහසටදෝ කොල්ලගෙ ඇස් ලාවට පියවෙද්දි.....

මන් ආයෙ පන්තිය ඉස්සරහට ආවෙ මගේම ශරීරයේ එක අංගයක් උන අත ගැන මට අමුතු හැගීමක් දැනෙද්දි....

" ඒ කෙස්.....සිනිදුයි...."

මන් මටම කියාගත්තෙ මොන හේතුවකද කියල මන් දන්නෑ......

මන් ආයෙ උගන්වන්න ගනිද්දි මන් දැක්කා ඌ ඒත් නිදි.....හුහ්....ඌ කවද්දි මන් කියපු දෙයක් ඇහුවෙ.....

සෙෂන් එක ඉවර කරල මන් ස්ටාෆ් රූම් එකට ගියේ ලොකු බඩගින්නකුත් කුසට දැනෙද්දි.....

අද උදේ නැගිටින්න පරක්කු උන නිසා මට උය උය ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ...... පිටි එකක් හදාගත්තා....බිව්වා.... ඉක්මනට බස් එකට දිව්වා.....

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now