🌻 Chapter 72 🌻

4.5K 687 318
                                    

" අනුක්........"

"...................."

" ළමයො ලෑස්ති වෙන්නෙ නැද්ද ආ..... දැන් අර කෙල්ලත් එයි "

"........................."

" අනුක්.....ඔය ටිවී එක ඕෆ් කරනවා...."

" බෑ......"

" මොන යකෙක් ගහලද ?"

" ............."

" අනුක්......"

" මන් මේ මෙච්චර ගෙදරින් යන්න ඉද්දි සමහරු උදේ ඉදන් මගේ මූණ බලන්නෑ......එයාලා දන්නෑ අපිට කොච්චර දුකද කියල ....."

දෙඅත් බැදන් අහක බලාගෙන මන් කිව්වෙ අම්මා මන් දිහා එක එල්ලේ බලන් ඉද්දි...

එයා ලස්සනයි ......පාර්ටි එකට දිග රතු ෆ්‍රොක් එකක් එයා ගත්තෙ මාත් එක්කම ගිහින්......කොණ්ඩෙ අයන් කරලා සිම්පල් මේකප් එකක් දාගෙන...එයා කොහොමත් සැලෝන් ගානෙ යන්නැහැ....එයාගෙ වැඩ තනියෙම කරගන්නව....

අම්මගේ හීල්ස් දෙකේ අඩි සද්දෙ ඇහෙද්දි මන් ඇස් පියාගත්තෙ බොරුවට.....

" ගිහින් ලෑස්ති වෙන්න..... මන් ඔයාට බත් කවන්නම්..... තවම දවල්ට කාලත් නෑනේ..... "
මන් ළගට ඇවිත් ඔළුව අතගාලා අම්මා කිව්වෙ මන් ඇස් පියාගෙනම ඉද්දි.....

" යන්න පුතේ ඉතිං ......"

"..................."

" තියෙන හිතුවක්කාර කම....."

නළලට කිස් එකක් දීලා අම්මා කිව්වම මන් ඇස් ඇරලා බැලුවෙ අම්මා දිහා....

" මන් මෙච්චර ඔයාට ආදරේ කරලත් ඔයාට දැනෙන්නෙ නැද්ද ෂෙරිල් ?"

"..................."

" ඇයි මන් ආදරේ නෑ කියන්නෙ.... ෂෙරිල් මන් ඔයාට ගොඩාක් ආදරෙයි ...... ඔයාව දාලා යන්න මට ලෝබයි..... ඔයා මන් ඇර ස්ටෙෆාන් ගැන හිතුවට මගේ ලොකෙ ඉන්නෙ ඔයා ෂෙරිල්......" 

මන් කිව්වම අම්මගෙ කටින් හිනාවක් පැන්නෙ අම්මා මගේ නහය මිරිකද්දි....

" මොකද මේ අම්මයි පුතයි...."

දොර ළග උන්න ඩැඩී එහෙම අහන් ගෙට ආවෙ මහන්සියෙන් හුස්මක් පිට කරන ගමන්....

" මෙන්න මේකා හුරතල් වෙනවා...."

" ෂෙරිල් මට තේකක් දෙන්නකො..... !"

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now