🌻 Chapter 34 🌻

5.4K 790 255
                                    

පාරෙ ඉදිය මිනිස්සු ඔළුවෙ අත ගහගනිද්දි හැප්පුන වේගෙන්ම මාව බිමට විසි උනේ නළලත් පොළවෙ වැදිලා....

" ආහ්හ්හ්හ්හ්......."

" ඔහ් ගෝඩ්....සර්...මොකද උනේ......."

" ආහ්හ්.....කකුල.....තුවාල...උනා...."

වටේ පිටේ උන්නු අය වට වෙද්දි මන් බිම වාෆිගත්තෙ කණ්නාඩි දෙක ඇස් වලට තද කරගෙන....... වැටුන පාර නළල බිම හැපුනත් ඒකෙන් ගානක් තිබ්බෙ නෑ.....ඒත් දැනටමත් කකුල නෑ වගේ මට දැනුනෙ ලේ වලින් ට්‍රවුසර් එක තෙත් වෙද්දි.....ඇස් වලින් කදුළු එක දෙක වැටුනෙ කකුලෙන් දැනුන වේදනාවට...

" චූටි අයියේ.......!!"

එයා කෑ ගහගෙන මිනිස්සු අතුරින් අමාරුවෙන් මන් ළගට ඇවිත් මාව දැකල ලොකු හුස්මක් පිට කළේ නළල පිරිමැද ගන්න ගමන්....

ඇස් වල කදුළු පුරවන් මන් එයා දිහා බලද්දි මුව වහගෙන මන් දිහා රවාගෙන බලන් ඉදපු එයා ඇසිල්ලක වේගෙන් එහෙන්මම අනික් පැත්ත හැරිලා අත දිගෑරලා ගැහුවෙ කම්මුලට......

චටාස්ස්ස්.....

" ආහ්හ්........"

" ශාන්න් !!"

නෑ....නෑ මගේ නෙමේ.....ළග ඉදිය මනුස්සයගෙ.....!!

මන් ඇස් ලොකු කරන් බලද්දි එයා ඒ මනුස්සයගෙ කොලර් එකෙන් ඇදල අරන් තල්ලු කරල දැම්මෙ මහ පාර මැද්දට....

" ඇස් පු# දාගෙනද වාහන එළවන්නෙ ආහ්හ්......තොට පෙවුන් නැද්ද්ද මිනිහෙක් පාර පයිනව කියල .......ස්කූල් ඇරෙන ටයිම් එක.... ළමේක් හැප්පුනා නම් උඹ මොකද්ද කරන්නෙ ආහ්හ් ???"

" සොරි සර්....ඇත්තටම මන් දැක්කෙ නෑ  ......ඒ කොල්ලා තමයි පාර දෙපැත්ත නොබලා පාර ......."

චටාස්ස්..........

" මනුස්සයෙක් කහ ඉර උඩට ආවම වාහනේ නවත්තන්න ඕනෙ..... උඹ බීලද වාහනේ එලෙව්වෙ....නැත්තන් අහවල් එකක් කරන ගමන්ද ආහ්...... අද මූට මොකක් හරි උනා නන් උඹව මන්....හමගහනවා.......!"

" දෙයියන්ගෙ නාමෙන් ඕක නවත්තන්න ශාන්........ අනේ....."

චටාස්ස්..........

මන් ඇස් වල කදුළු පුරවන් අඩද්දි එයා ඒ මනුස්සයට ගහගෙන ගියේ පාර මැද්දෙ කියල වත් හිතන්නැතුව......

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now