🌻 Chapter 53 🌻

3.5K 698 445
                                    

ඊයේ Comments 200 පැන්නුවා ඔයාලා....😚😍 ඔන්න මගෙන් ගිෆ්ට් එකක් 🎁🎈

.
.
.
.
.

" අනුක්....මොකද මේ ??!!!"

දේශ් විනාඩි දහයකින් වගේ ගෙදර ඇවිත් පුදුමෙන් බැලුවෙ කාමරෙ දිහායි මගේ පපුව අස්සට මූණ ගහන් නිදන් උන්නු ශාන් දිහායි.....

" මේකා ඊයෙ රෑ ඉදන් පිස්සු නටනව දේශ් .... අනේ මෙයාව ගන්නකො...... අලියා වගේ......මට බෑ උස්සන්න වත්...."

මන් කිව්වෙ ශාන්ගෙ නළලට හාදුවක් තියල....

" හරි හරි ඉන්න...."

දේශ් මන් ළගට ඇවිත් ශාන්ව කෙලින් කරවගෙන ඇගට වාරු කරගත්තෙ බොහොම අමාරුවෙන්....

අන්තිමට මන් නැගිටිද්දි නැගිටින්න ගිහිනුත් මට එකපාරටම කැරකිල්ලක් ආවෙ ශාන්වත් වාරු කරන් දේශ් මාවත් අල්ලගනිද්දි.....

" අනුක් !!!"

" .................."

" මොකද්ද අනුක් ඕකෙ තේරුම....."

" අනේ මන්....දන්නෑ...දේශ් කලිනුත් ඔහොමයි....."

මන් කිව්වෙ ඔළුව අල්ලගෙන...

" හරි දැන් ඕකෙ ද ??"

" හ්ම්හ්.....දැන් හරි ..."

මන් කිව්වෙ නළල පිරිමැදලා....

" මෙයාව කොහෙන්ද තියන්නෙ...."

" ආහ් එයාව මගේ කාමරෙන් තියන්න....එන්නකෝ...."

මන් දේශ්ට උදව් කරද්දි දේශ් ශාන්ව හාන්සි කළේ මගේ ඇදෙන්...එයාගෙ ශර්ට් එක ගලවලා කොට්ටෙ තියල මන් රෙද්ද පෙරෙව්වෙ ඒසි එක ඔන් කරල.....

මට ලෝබය් එයා දිහා බලන්නත්......

දේශ් ඉස්සරහදිම එයාගෙ නළලත් සිපගෙන මන් දේශ් දිහා බැලුවා....

" ඔයාගෙ තීරණේ ඒකද අනුක් ?"

" හ්ම්...... මන් උපරිම උත්සහ කරනව ඒ ගර්ල් එක්ක සාම ගිවිසුමක් ගහන්න...."

" ඉතිං ඔයා ඒක ශාන්ට කිව්වෙ නැද්ද ??"

" කිව්වා දේශ්....පුලුවන් හැම විදියටම තේරුම් කරා.....කියන කිසි දෙයක් අහන්නෑ මේ ළමයා.... "

" ශාන් ඔයාට ගොඩක් ආදරෙයි අනුක්....එයාට ඉවසන්න බැරුව ඇති ඔයා වෙන කෙල්ලෙක් එක්ක කතා කරන එක වත්......"

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now