🌻 Chapter 50🌻

4.1K 716 112
                                    

" ම්ම්ම්ම්ම්..........."

විනාඩි ගානක හාදුවකින් පස්සෙ එයා මගේ දෙතොල් මුදා හැරියේ යටි තොල ලාවට විකාගෙන......

" ගෙදරට යන්න.... මන් පැයෙන් එන්නම්...."

" එයි කියල තමයි බය...."

මන් කිව්වෙ එයාගෙ අත මිරිකලා.....

" එනව අනේ !"

අද ඉතිං එයාගෙ රට ඉදන් ආව යාළුවො වගයක් සෙට් වෙන්න කතා කරල...... ඔය ඉතිං යනව උඩ දාගෙන....

" මන් යනව එහෙනම්.....හැබැයි බබා ආයෙ ආයෙ කියන්න ඉඩ තියන්න එපා ....අට වෙන්න කලින් ගෙදර ඉන්න ඕනෙ....හරිද ?"

" හරි වස්තුව...... ගෙදරට ගිහින් මැසේජ් එකක් දාන්න..."

මගේ නළල සිපගෙන එයා කියද්දි මන් වාහනෙන් බැහැලා ආවෙ එයාගෙ Appartement එකෙ පාර්ක් කරල තිබ්බ මගේ කියල තිබ්බ වාහනේට......

සීයා පපා birthday එකට වාහනයක් කියල එකක් දුන්නත් මන් නම් ඒකෙ පාට දැනගත්තෙ අද උදේ..... අද එයා සෙට් වෙන්න යන නිසා මට කිව්වා වාහනෙන් ගෙදර යන්න කියල .....

ගෙදර කවුරුත් ඇත්තෙත් නැ..... සුදු අම්මයි ලොකු මාමා ( zhan' s dada ) valantine vacation වලට රට ගිහින්.... පොඩි මාමයි ( principal )නැන්දයි Singapore ගියා.... එන්නෙ තව මාස දෙකකින්.... යසිරුලගෙ අම්මා වැලන්ටයින් ශොපින් වලට ඩුබායි ගිහින්.....උන්ගෙ තාත්තා කොහොමත් ඉදියෙ රටනේ.....ඒ දවස් වල වැලන්ටයින් කියන්නෙ මොනාද කියල වත් නොදන්න මගේ අහිංසක අම්මයි අප්පච්චී ..... මේක නම් මහ සංකීර්ණ පවුලක්....අහ් ගයාන් මාමා නම් ඊයෙ japan ගියා එයාගෙ මොනාදෝ වැඩ වගයකට....ගෙදර ඉන්නෙ අර පිස්සො තුන්දෙනයි මායි සීයා පපායි ෂෙරිල් අම්මයි විතරයි .....

නවත්තල තිබ්බ benz එකට මන් නැගලා වාහනේ ස්ටාර්ට් කළා.....

මගේ හීනෙ තිබ්බෙ ක්ලස් කරල එකතු කරගත්ත සල්ලි වලින් pleasure scooty එකක් ගන්න......හුහ් !

නිකන් ලැබෙන දේත් අගයක් නෑ කියනව වගේ මට මේ වාහනේ දකින්න ආසාවක් වත් තිබුනෙ නැ... ඒත් ඉතිං ලැබුන දේට ගරහල පුරුද්දක් නැති නිසා ස්ටෙයාරින් වීල් එකට මන් වැදලා වාහනේ අරන් ආවෙ පාර්කින් එකෙන් එළියට...

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now