🌻 Chapter 49 🌻

4.9K 742 253
                                    

February ......

February කියන්නෙ love month එක..... ආදරණීයන් ගේ මාසය..... ආදරයෙන් පිරුණු මාසයක් තමයි පෙබරවාරි කියන්නෙ...

කොහොමහරි මගේ ජිවිතේ අදුරු දින වකවානු ගෙවිලා ගිහින් යන්තම් හරි මන් සතුටින් ඉන්න ගත්තෙ පහු ගිය කාලෙ...ඒ හැමදේම ශාන් නිසා තමයි ..... ඒ කොහොම උනත් මට මගේ ගෙදර අයව අමතක කරන්න හිත හදාගන්න බෑ....ඒත් දැන් මන් ශක්තිමත් ....

ඉස්සර වැලන්ටයින් කිව්වම මට මතක් වෙන්නෙ ගල්ම තමයි .... වැලන්ටයින් තරම් පේන්න බැරි දවසක් ලොවෙත් නෑ......ඒත් වැලන්ටයින් කියන එකේ තේරුම මොකද්ද ?

වැලන්ටයින් කියන්නෙ ආදරණීයන්ගේ දිනයලු....හැබැයි එහෙමයි කියල ඒ ආදරණීයා girl or boy වගේ කපල් එකක් වෙන්නම ඕනෙද.....? කොහෙත්ම නැ....

මගේ අම්මා අප්පච්චී නන්ගි ඒ නැතත් මම.... මට පුලුවන් මටම ආදරය දෙන්න..... ඒක මන් තේරුම් ගත්තෙ පස්සෙ...එදා ඉදන් මන් කළේ love month එකට මටම treat කරගන්න එක.... ඒක ඇත්තටම මාරයි.....

ඒත් ඉතිං දැන් නම් ඔන්න මට වැලන්ටයින් සමරන්න එකෙක් ඉන්නවා..... ගිය පාර වැලන්ටයින් එකට මන් එයාට අරන් දුන්නෙ ටී ෂර්ට් එකකුයි ශෝර්ට් එකකුයි......

දැන් ඉතිං මට කාර් එකක් ගන්න තරම් පොකට් මනී අතට ලැබෙන නිසා මන් ආවෙ ශොපින්...... තනියෙම... solo date එකක් ...

📞..........Ringing ...

" හෙලෝ බබා...."

" චූටි අයියේ...ඉවර නැද්ද තාම...."

" මොකද්ද අනෙ...මන් දැන් ආවා විතරයි ..... "

" හරි ඉතිං ..... ඉවර නැද්ද කියල ඇහුවෙ....දැන් පැය දෙකකටත් කිට්ටුයි....."

" අනේ මේ...තියනවා පෝන් එක....පැයෙන් පැයට අරන් අහනව ඉවරද ඉවරද කියල ..... මන් කැබ් එකක් දාගෙන එන්නම්...පාඩුවේ ඉන්නවකො වදේ...."

මන් පෝන් එක කට් කළේ එයා කියන්න කලින්.....ඔය මිනිහට මන් කිව්වා one gall face එකට යන් කියල .... මූ කියාපි තමුසෙ එක්ක ගිහින් මට වෙන්නෙ පුටු රත් කරන්න ....ගිහින් දාන්නම් ඕනි මගුලක් කරන් ඉවර වෙලා කෝල් එකක් දෙන්නෙයි කියල ..... මාත් ඉතිං හා හරි කියල එයා එක්කම ශොප් එකට ආවා...එයා මාව බස්සවල ආයෙ ඔෆිස් එකට ගියේ අද ඔෆිස් දවසක් නිසා ..... ඒත් යකෝ මෙන්න මේ මිනිහා විනාඩි පහෙන් පහට කෝල් කරනව ඉවරද ඉවරද කියල ....මටත් මල පැන්නා ඉතිං .... හුහ් !

Bound to The Stars 🌟  [ Zhanyi Complete ]Where stories live. Discover now