පෙර සටහන

194 2 1
                                    

හායි, අද කතාවට කලින් මං චුට්ටක් කතා කලාට කමක් නැහැ නේද? කොහොමත් මට විශේෂ නිවේදන දෙක තුනක් දෙන්න තියෙනවා.

එකක් තමයි.. අද 100 වෙනි කොටස! ගොඩක් ස්තූතියි මේ 100 වෙනි කොටස කියවන්න හදන ඔයාට. Specially කතාව Ongoing කියවන අයට. මොකද Ongoing කියවන අය තමයි ඒ Feeling එක හොඳටම දන්නේ  . අනික ඔයාලාගේ කමෙන්ට්ස් වලින් මට ගොඩක් ලොකු ශක්තියක් ලැබුණා මේ කොටස් 100 පුරාවටම. ගොඩක් ස්තූතියි ඒ ශක්තියට.

ඊලගට කියන්න තියෙන්නේ.. ගොඩක් Sensitive අය ඉන්නවා නම් අද ඉදන් කතාව කියවන්න අපහසුවෙයි එයාලාට. මොකද මේ කොටසේ ඉදන් Physical And Mental Abuses,Violens ගැන ගොඩක් කතාව ඇතුලේ Mention වෙනවා. ඉතිං.. ඒ නිසා එහෙම දේවල් කියවන්න අකැමැති අයට, 'සඳට පෙම් බඳින්නම්' අද ඉදන් හරියන්නේ නැහැ. අවුරුදු 18ට අඩු අය කතාව කියවන්න දෙපාරක් හිතන්න කියලත් ඉල්ලනවා.

හැබැයි මෙහෙමයි... මේක අර නපුරු කොල්ලා, අහිංසක කෙල්ල ටයිප් රැල්ලකට යන කතාවක් නෙවෙයි කියලා ඔයාලාට දැනටමත් තේරිලා ඇති. ඉතිං මේ කියන Abuses, Violence වලට කිසිම ආකාරයක අනුබල දීමක් මා විසින් සිදුකරන්නේ නැහැ  කියලා කියන්න ඕනේ විශේෂයෙන්ම. මනුස්සයෙක්ට හෝ සතෙක්ට කිසිම අයුරකින් හිංසනයක් සිදු කිරීම මම විසින් අනුමත කරන්නේ නෑ. හැබැයි කතාවේ Plot එකට අනුව ඒ සිදුවීම් මම ලියනවා.

අන්තිම නිවේදනය තමයි.., අද ඉදන් කතාව ඇතුලේ ගොඩක් අසංවර භාෂා විලාසයක් යොදාගන්න සිද්ධවෙනවා. ඒක එහෙම කරන්න වෙන්නේ ඒ ඒ චරිතවලට ගැලපෙන විදිහට. ඉතිං අහිතක් හිතන්න එපා ඒ ගැන. ඉතිං.. එහෙම කියවන්න අකැමැති අයටත් අද ඉදන් කතාව නොගැලපෙන තැනක් වෙයි.
(රිපෝට් වෙන්නේ නැතුව ලියන්න ගොඩක් උත්සාහ කරනවා. කරුණාකරලා හිතා මතා නම් මාව Report කරන්න එපා, අකැමැති නම් නොකියවා ඉන්න)

මෙච්චර කල් ඔයාලා කියෙව්ව  Sweet කතාව අංශක 360 කින්ම කෙලින්ම වෙනස් වෙන නිසයි මේ පණිවිඩ ඔක්කොම අද දැම්මේ. මොකද මෙතනින් එහා වෙන වෙනම Episodes වලට Warning දාන්න මගේ අදහසක් නැහැ. මොකද ඒක කතා රසයට බාධාවක් මම හිතන විදිහට. කතාවේ එපිසෝඩ් එක උඩින්ම මේක 18+ Or, Violence තියෙන එකක් කියලා ලේබල් ගැහුවාම ඔයාලා ඒ සිහියෙන් කියවන්නේ. අනික ඉස්සරහට ඒ වගේ සිදුවීමක් තියෙනවා ම යි කියලා දන්නවා. ඒක අපරාධයක්, කතා රසයට හානියක් විධියටයි මම දකින්නේ. ඒත් සාමාන්‍යයෙන් Online ලියද්දී ඒ විදිහේ Warnings දාන්න ඕනේ කියලා මම දන්නවා. ඒත් සමාවෙන්න මම ඒ දේ Follow කරන්නේ නැහැ. කවුරුත් මා එක්ක තරහාවෙන්න එපා.

ඉතිං.. කොටස් 100ක් හිටිය හැමෝටම ස්තූතියි. ඉදිරියටත් මේ වගේ ඉන්න කියලා ආරාධනා කරනවා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now