117

61 6 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
117

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"රදීෂ්?"

නුරායා ඔහුව ඇමතුවේ බලාපොරොත්තු රැසක් සිතෙහි තබාගෙනයි.

"No baby, it's Nadeesh!" සරදම් සිනාවක් සමගින් ම නදීෂ් තම දෑත් මතට සහ බිත්තියට සිර කරගත්තේ ඒ උදෑසන පිබිදුනු මොහොතේම, රදීෂ් වෙනුවෙන් කෝපි කෝප්පයක් රැගෙන පැමිණි නුරායාවයි.

"අතාරිනවා මාව ජරා සතා!!!" නුරායා හැකි වෙර යොදා නදීෂ්ව ඉවත් කිරීමට උත්සාහ කළත් ඔහුව සෙලවීම පහසු නොවීය.

"හෙහෙ.. උඹ ඔහොම දඟලද්දීත් මාර ගති කික්කි..." දෙතොල් අග්ගිස්සෙහි තැවරුණු සමච්චල් සහගත හිනාව එක්කම නදීෂ් එලෙස පැවසුවේ නුරායාගේ දෙතොල් අතර අතැඟිලි ගෙන යමිනි.

"ඇයි තමුසේ දැන් හැමවෙලේම ඉන්නේ....? මොන වදයක්ද? කෝ මගේ දීෂ්....?"

"ඕ... බේබි... ඇයි මං හොඳ නැද්ද? ආහ්?" නදීෂ් විමසුවේ කඩවසම් වූ සිනාවකින් මුව සරසා ගෙන නුරායා වෙතට ඇසක් ඉඟි මරමිනි.

"අහකට යනවා... වන-රයා!!! කෝ මගේ රදීෂ් කියනවා!!!" නුරායා නැවත වතාවක් කෑ ගැසුවේ ඔහුව නැවත වතාවක් තල්ලු කරමිනි.

"හහ් හා...! රදීෂ් නෙවේ දැන් ඉන්නේ නදීෂ්.. තෝව එදා මට මරන්න බැරිවුණානේ බැල්ලි... ඒ නිසා මට නිදහසේ ඇස් දෙක පියාගන්න බැහැ... තෝව එලවලා මිසක මම ආපහු යන්නේ නැහැ. ආ... එතකොට උඹේ ප්‍රේම කුමාරයා රදීෂ්... ඌ සැපට නිදි කෙල්ලේ... ඌ එන්න ඕනේ වෙලාවට එයි. ඒක මම තීරණය කරන්නම්. අනික ඉතිං ඌ මොකද , මං මොකද නේද... වෙනසක් නෑනේ..." අවසන් වදන පවසමින්ම නදීෂ් නුරායා වෙතට ළං වූවත් ඇය නැවත වතාවක් දඟලන්නට වූයේ ඔහුගෙන් මිදීමටයි

"ඇයි තමුසේ මෙහෙම මට වද දෙන්නේ... ඇයි...????" ඈ විමසුවේ කෝපය මුසු වූත්, හැඬීමට ආසන්න හඩිනි.

"මොකද කිව්වොත් උඹව එලවන්න ඕනේ නිසා.. පලයන් යන්න රදීෂ්ගේ ජීවිතෙන්!!!"

"ඇයි ඒ? ඇයි ඔයා මෙහෙම කරන්නේ.. ඇයි මාව එලවන්නේ...?"

"මට ඕනේ නිසා යකෝ.. මට ඕනේ නිසා..." එක්වරම නුරායාගේ වරලස තද කර ඇද ගත් නදීෂ් කෑ ගැසුවේ මෙතෙක් වේලා නුරායාගේ දෙනෙත් අද්දරට එකතු වී තිබූ කඳුළැලිවලට නිදහස ලබා දෙමිනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now